හිරුණිකාගේ සිද්ධියට නීතිපති උපදෙස් ඉල්ලයි. (Update)


දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ආධාරකරුවන් අත්අඩංගුවට පත් වූ අතර ඒ පිළිබඳව මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් ගත හැකි ඉදිරිපියවර පිළිබඳව පොලීසිය නීතිපති උපදෙස් ඉල්ලා තිබේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වෙන සියලුම සාක්ෂි සටහන් අද (29දා) පෙරවරුවේදී පොලීසිය නීතිපතිට වෙතට යවා තිබේ. 

මේ අතර හිරුණිකා මහත්මිය අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් තරම් සාක්‌ෂි මේ වන තුරු ලැබී නොමැති බව කොළඹ අපරාධ කොට්‌ඨාසය පවසයි.

තරුණයා පැහැරගෙන යැමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රෙමචන්ද්‍ර මහත්මියගෙන් කොළඹ අපරාධ කොට්‌ඨාසය දෙවරක්‌ ප්‍රශ්න කළද ඇය මෙම පැහැරගෙන යැමේ සිද්ධියට සෘජුව සම්බන්ධ වූ බවට තොරතුරු අනාවරණය වී නැති බව අපරාධ කොට්‌ඨාසය වැඩිදුරටත් කියා සිටියි.

පොලිසිය පවසන්නේ හිරුණිකා ප්‍රෙමචන්ද්‍ර මහත්මියගේ පෞද්ගලික ආරක්‌ෂකයන් පිරිසක්‌ ඇගේ අනුදැනුමකින් තොරව ඇයට අයත් ඩිෙµන්ඩර් ජීප් රථය 

රැගෙන ගොස්‌ මෙම තරුණයා පැහැරගෙන ගොස්‌ ඇති බවයි.

එහෙත් පැහැර ගැනීමට ලක්‌වූ තරුණයා පොලිසිය හමුවේ පාපොච්චාරණය කරමින් කියා සිටියේ හිරුණිකා ප්‍රෙAමචන්ද්‍ර මහත්මිය කොළොන්නාවේ පිහිටි ඇයට අයත් කාර්යාලයේදී තමන්ට තර්ජනය කළ බවයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කොළඹ අපරාධ කොට්‌ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ කියා සිටියේ මන්ත්‍රීවරිය ඇගේ කාර්යාලයේදී පවුල් දෙකක්‌ කැඳවා ඔවුන් අතර තිබූ පවුල් ආරවුලක්‌ විසඳීමට කටයුතු කර ඇති බව පරීක්‌ෂණවලින් අනාවරණය වී ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස්‌ ලබා ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටින බවද අපරාධ කොට්‌ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ කියා සිටියේය. 

ඉකුත් 21 වැනිදා සවස හිරුණිකා ප්‍රෙමචන්ද්‍ර මහත්මියට අයත් ඩිෙµන්ඩර් වර්ගයේ ජීප් රථයක පැමිණි ඇගේ පෞද්ගලික ආරක්‌ෂකයන් පිරිසක්‌ දෙමටගොඩ වෙළෙඳසලක සේවය කරමින් සිටි තරුණයකු පැහැරගෙන ගොස්‌ තිබිණි.

තරුණයා හිරුණිකා මහත්මියට අයත් කොළොන්නාවේ පිහිටි කාර්යාලයේ රඳවාගෙන ඔහුට තර්ජනය කර පන්නා දමා තිබූ බවද පසුව හෙළිවිය.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙක්‌ කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගෙන සිටිති.

Share on Google Plus