තරුණයා පැහැර ගත්තේ හිරුණිකාද?


දෙමටගොඩ ප‍්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක සේවය කළ තරුණයෙකු කිසියම් පිරිසක් විසින් අද පස්වරුවේ පැහැර ගෙන ගොස් ඇත.

මෙසේ පැහැර ගෙන ගොස් ඇත්තේ පාර්ලිමේන්තු මන්තී‍්‍රනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට අයත් රථයකින් බවට තොරතුරු වාර්තාවේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ, පැහැර ගැනීමට යොදා ගත් රථය තමාගේ බව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියද පිළිගත් බවයි.

එහෙත් එම පැහැර ගැනීම තමාගේ අනුදැනුමකින් සිදු නොවූවක් බවද මන්තී‍්‍රවරිය ප‍්‍රකාශ කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දෙමටගොඩ පොලීසිය මගින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Share on Google Plus