තමන්ට තිබුණු 'ආදර සම්බන්ධතා ගැන' හිරුණිකා කියන කතාව


හිරාන් - හිරුණිකා කියන මේ ජනප්‍රිය චරිත දෙක අද අතිශය කාර්යබහුලයි. ඒ කාර්යබහුලත්වය අතරේ අපි ඔවුන්ගේ නිදහසින් පුංචි ඉඩක්‌ උදුරාගත්තා ඔවුන්ගේ අලුත්ම තොරතුරු ඔබට කියන්න. අපට ලැබුණු පුංචි ඉඩකඩේ ඔවුන් සමග කතාබහ කළ දෑ මෙලෙස පෙළගැසුවා. 


  • හිරුණිකා, හිරාන් සමග ගෙවන ජීවිතය ගැන කතා කළොත් ?

හරිම සුන්දරයි වගේම විනෝදජනකයි. ඒ වගේම ඔහු ආදරණීය සැමියෙක්‌. 


  • දැන් එදාට වඩා හිරුණිකා කාර්ය බහුලයි නේද?

ඒ වුණාට අපි දෙන්නා හැම වෙලාවෙම අපි දෙන්නාට ඕනෑ කාලවේලාව වෙන්කරගෙනයි තියෙන්නේ. මට මේ දිනවල දිගටම පාර්ලිමේන්තු යන්න වෙලා තියෙනවා. හිරාන් ඔහුගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් කැපවෙනවා. කොච්චර කාර්ය බහුල වුණත් අපි දෙන්නා දවසට එක වේලක්‌ හරි පවුලක්‌ විදිහට එකට ඉඳගෙන කෑම කනවා. 


  • හිරුණිකා බිරිඳක්‌ විදිහට ඔබට වෙන්න ඕනෑ යුතුකම් හරියාකාරව ඉටුකරනවාද?

ඇයත් සමග ගෙවන ජීවිතය හරිම සුන්දරයි. බිරිඳකගෙන් ලැබෙන්න ඕනෑ සියලු දේ හිරුණිකාගෙන් ලැබෙනවා. මම කැමැති ගෙදර කෑමකන්න. කඩකෑමට කැමැති නැහැ. ඉතිං ඒ සියල්ල ඇය අතින් සිදු වෙනවා. සමහර වෙලාවට එක හොද්දක්‌ හදාගෙන හරි අපි කාලබීලා සන්තෝසෙන් ඉන්නවා.  


  • ඉස්‌සරට වඩා දැන් හිරුණිකා පරිස්‌සම් වෙනවාද?

දැන් විතරක්‌ නෙමෙයි ඉස්‌සරත් මම පරිස්‌සම්. මම විතරක්‌ නෙමෙයි අපි දෙන්නාම පරිස්‌සම්. මීට කලින් අපි දෙන්නාට ඕනෑ තරම් ආදර සම්බන්ධතා තිබුණා. ඒ වගේම අපි පිරිමි ළමයි, ගැහැනු ළමයි ආශ්‍රය කරනවා. ඒක සාමාන්‍ය දෙයක්‌. මම දන්නවා නම් මට අනාගතයේ හමුවෙන්නේ මෙයා කියලා මම මෙයා ගැනම හිතේ තියාගෙන ඉන්නවා. අපි දන්නේ නැහැ අනාගතයේ කාව මුණගැසේවිද කියලා. අපි කවුරු හරි ආදර සම්බන්ධයක්‌ පටන්ගත්තොත් හිතනවා මෙයා තමයි මගේ ජීවිතය කියලා. සමහර සම්බන්ධතා කැඩෙනවා, සමහර ඒවා දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. අපි දෙන්නාටම එහෙම වුණා. ඒ නිසා සතුට කියන එකේ උපරිම තැන තමයි අපි ඉන්නේ. 


  • හිරාන් කියන්නේ කඩවසම් තරුණයෙක්‌. තරුණියන්ගෙන් බේරාගන්න අමාරු වෙයි නේද?

ඇත්තටම තරුණියෝ හිරාන් දිහාබලන එකට මම කැමැතියි. ඒක මට ආඩම්බරයක්‌. මෙයා කොහේ හරි යනකොට මම හැමතිස්‌සේම කියන්නේ ලස්‌සනට ඇඳපැළඳගෙන යන්න කියලයි. මම කැමැති නැහැ මෙයා ඔහේ ඇඳගෙන යනවාට. හැමවෙලාවෙම මම ඒ දේවල් හිරාන්ට මතක්‌කර දෙනවා. මොකද මට හරි ආඩම්බරයි මගේ සැමියා ලස්‌සනයි කියන එක ගැන. අනික එයාගේ පස්‌සෙන් ගැහැනු ළමයි එනවා කියන කාරණාව. මෙයා බලන්නේ නැහැ, ගණන් ගන්නේ නැහැ.


Share on Google Plus