ඒක රහසක්ලු (Gossip)



ඒකාබද්ධ විපස්සෙ කියන්නෙ මැතිසබාවෙ ඉන්නෙ මහින්ද උන්නැහේගෙ ගෝල කණ්ඩායම කියල සමහරැ කියනවා...

ඊයෙ පෙරේදා මේ කණ්ඩායමේ ඇත්තටම කීදෙනෙක් ඉන්නවද කියල පක්ෂ නායක මට්ටමේ කස්ටිය කතාබහ වුණාලු... එතෙන්දී ඉහළම පෙළේ නායක සයිස් කෙනෙක් කීවලු... ඇත්තටම අපට 49 දෙනෙක් ඉන්නව කියල...

ඒක අහපු තවත් කෙනෙක් කීවලු පේන්න තියන ගණන නම් එහෙම තමයි... ඒත් එයින් තුන්දෙනෙක් විතර අඩුකරන්න කියල... ඊළඟට ඒ විදහට ගණන අඩුකරන්න ඕන හේතුවෙන් කීවලු...

හැබැයි ඒ හේතුව රහසක් කියලත් උන්නැහේ කියලා... දැන් මේ රහස සොයන්න කස්ටියක් පුල් ට්‍රයි කරනවා කියලා ආරංචියි.

Share on Google Plus