මනමාල ඇමතිව පුළුවන්නම් හොයාගන්න. (Gossip)


අපට මේ කතාව ඇහුණෙ පාර්ලිමේන්තුවෙ ලොබියෙදි පුවත රස කර කර කිය කියා හිටියෙ මන්තිරිගොල්ලො කස්ටියක්.

මාතෘකාව වුණේ ඇමැති සයිස් මහත්තුරු කස්ටියකගෙ ප්‍රේම කතා.

හැබැයි මේ කාගෙවත් නම් ගම් නොකිය කතා විතරක් කියපු එකයි ප්‍රශ්නෙ වුණේ.

“මම දැක්ක මරු වැඩක්” එක මන්ත්‍රී සයිස් පොරක් කිව්වා. “එක්තරා ඇමැති කෙනෙක් හැමදාම එක්තරා මන්ත්‍රී නෝන කෙනෙක්ගෙ අත අල්ලගෙන නිතර නිතර සුබ පතනවා. දැන් වැඩේ දුරදිග යන පාට පේනවා. එයා ආණ්ඩුවෙ. මෙයා විපක්‍ෂයෙ. පුළුවන්නම් හොයාගන්න.” එයා කතාව හමාර කළා.

ආ… මමත් දන්නව හොඳ කතාවක්. තව කෙනෙක් කිව්වා. “මේ උන්නැහෙත් ඇමැති සයිස් පොරක්. හැමදාම හැන්දෑවට කොළඹ හතේ අහවල් පාරෙ අහවල් නොම්මරේ තියෙන ගෙදරට යනවා… ඒ ගේත් උන්නැහේලගෙම කන්තෝරුවටයි අයිති… හැබැයි ගෙදර ඉන්නෙ එක්තරා සුරෑපී ළඳක් සහ වැඩකාරයෙක් පමණයිලු. කියන්නෙ රාජකාරි වැඩවලට යනවය කියලා… ඔන්න පුළුවන්නම් මෙයා කවුද කියල හොයාගන්න මන්තිරිතුමා කතාව නැවැත්තුවා.

“ආ මම කියන්නම් තව එකක්.” තව කටකාර මන්ත්‍රී කෙනෙක් කතාවට දායක වුණා..

“අහවල් ඇ…තුමා නිතර නිතර කොළඹ ගෝල්පේස් කිට්ටුව තරු හෝටලේකට එනවලු.. එන්නෙ හරි පාරෙන් නෙවෙයි… හොර පාරකින්ලු.. යන්නෙ කාමරයකටලු… සතියට දවස් දෙක තුනක්ම එනවලු. පුළුවන්නම් සොයාගන්න මොකාටද එන්නෙ කියලා…” මේ විදියට ලොබියෙ ඇමැතිවරැන්ගෙ රසකතා කිව්වා මන්තිරිවරු කවුරැවත් මේ ප්‍රහේලිකා විසඳුවෙ නැහැ. මෙතන හිටපු එක මන්තිරි සයිස් මහත්තයකුට ඒකට මල පැන්න…

නම කියන්නෙ නැතුව කතාව විතරක් කියලා වැඩක් කියනවද… මොන කෙංගෙඩියටද අපට ඕව කිව්වෙ.. උන්නැහේ ඇහුවා. ඒකට උත්තර දුන්න තවත් මන්ත්‍රී සයිස් කෙනෙක් කිව්ව, නම් කියන්න නම් පුළුවන් මෙතන ඉන්න එකෙක් ඕක පත්තරේකට දුන්නොත් අපිට අර මිනිස්සුන්ගෙන් කරගන්න තියන දෙයක්වත් කරගන්න බැහැනේ… ඒකයි නම් වාරණය කරල ප්‍රවෘත්තිය විතරක් කිව්වෙ. මන්ත්‍රීතුමා උත්තර බැන්ඳා.

Share on Google Plus