නාලක ගොඩහේවා FCID කැඳවයි


සුරැකුම්පත්  හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයෙකු වන නාලක ගොඩහේවා මහතාට  පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ හෙට පෙනී සිටින ලෙසට දැනුම්දීමක් සිදුකර තිබේ.

පසුගිය ජනවාරීයේ පැවැති ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපතිවීමෙන් පසුව සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපති ධූරය දැරූ ආචාර්ය නාලක ගොඩහේවා මහතාද එම තනතුරෙන් ඉල්ලා අස්විය.

නාලක ගොඩහේවා මහතා මෙලෙස කැඳවා ඇත්තේ තාරුණ්‍යයට හෙටක් සංවිධානයට රුපියල් මිලියන 5ක් ලබාදෙමින් ඊට අනුග්‍රහය දැක්වීම හේතුවෙන් යැයි ආරංචි මාර්ග පවසයි.

මේ අතර සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ව්‍යාපාර ප්‍රධානියෙකුද මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබිණ.

Powered by Blogger.