එක්නැලිගොඩ නඩුවේ නීතිඥයා ඉවත් කිරිමේ සූදානමක්.



මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවේ රජයේ නීතිඥවරයා ලෙස පෙනී සිටින නීතිඥ දිලීප පීරිස් මහතා ඉන් ඉවත් කිරීමේ සූදානමක් ඇතැයි  තොරතුරු
වාර්තා වුණා.

වැඩිදුරටත් කළ සොයා බැලීමකදී හෙළි වුණේ ශී‍්‍ර ලංකා යුද හමුදාවේ නීති නිලධාරිණියක් සහ යුද හමුදා කර්නල්වරයෙකු ඉකුත්දා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි.

ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේදි මේ වනවිට විභාග වනවා.

ඉකුත්දා නඩුව යළි කැදවු අවස්ථාවේදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් රජයේ නීතිඥ දිලීප පිරීස් මහතා සදහන් කළේ ඉකුත් 2010 වසරේ ජනවාරි මස 24 වනදා ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වූ බවට සාක්‍ෂි ඇති බවයි.

එහෙත් හෝමාගම පොලීසිය හා මිරිහාන පොලීසියත් සහ කොළඹ අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් නිසි පරිදි විමර්ශන සිදුකර නොමැති බව නීතිඥ දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ ප‍්‍රකාශ කළා.

නීතිඥ දිලීප පිරිස් මහතා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දිගින් දිගටම යුද හමුදාවට සහ ආරක්‍ෂක අංශවල චෝදනා එල්ල කරන බැවින් ඔහු අදාළ නඩුවෙන් ඉවත් කරන ලෙසයි යුද හමුදාවේ නීති නිලධාරිණිය සහ හමුදා කර්නල්වරයා නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට සූදානම් වන්නේ.

Share on Google Plus