දිනේෂ් මෛත්‍රී දෙසට හැරෙන ලකුණු.


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කරමින් මෙතෙක් කලක් කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරියේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කිරීමට බොහෝදුරට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ නියෝජිත පිරිසක් සමග පසුගියද සාකච්ඡාවටයක් පවත්වා ඇති අතර ඉන් අනතුරු ශ්‍රීලනිපය සමග පැවැති ගැටළුකාරී තත්ත්වය සමනය කර ගනිමින් කටයුතු කිරීමට මහජන එක්සත් පෙරමුණ තීරණය කර ඇතැයි එම දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

තවත් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිත බවත් එහිදී තවත් දේශපාලන පක්ෂ කිහිපයක් නැවත ශ්‍රීලනිපය හා එක්ව කටයුතු කිරීමට තීරණය කරනු ඇති බවත් වැඩිදුරටත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Share on Google Plus