රවීගේ මස්සිනා : DLBයේ ලොක්කාගේ අලුත්ම කෙරුවාව.


යහපාලන ආණ්ඩුව විසින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර ඇති රොමේෂ් ජයවර්ධන මහතා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ බිරිදගේ නැඟනියගේ සැමියා බවත් ඔහු වසර ගණනක් තිස්සේ කැනඩාවේ රැඳී සිටි පුද්ගලයෙකු වූ අතර එහි ගරාජයක සේවය කල අයෙක් බවත් මීට පෙර අප හෙළි කළෙමු.

එහිදී Info Sri Lanka News වෙබ්අඩවිය ප්‍රශ්න කර සිටියේ මෙවන් නුසුදුසු පුද්ගලයන් තනතුරුවලට පත්කිරීම නිසා රටට සිදුවන හානිය මිල කල හැක්කක් නොවන බවයි.

අප අදහස සනාථ කරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා විසින් ආයතනයේ මුදලින් රුපියල් දෙලක්ෂ විසිපන්දහසක් මාස්පතා ගෙවමින් තමන්ගේ පරිහරණයට තවත් වාහනයක් කුලියට ගෙන තිබේ.

ඒ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පරිහරණය සඳහා වාහන ඇති පදම් තිබියදීමය. 


Share on Google Plus