සයිබර් ලිංගික අපරාධ වැලක සුලමුල මෙන්න.


අන්තර්ජාලයේ සමාජ වෙබ් අඩවි හරහා තරුණයන් හා තරුණියන් හඳුනාගෙන ඔවුන් සමඟ ඇසුරක් පවත්වාගෙන යාමේ මුවාවෙන් සිදු කළ අන්තර්ජාල අපරාධ වැලක් හෙළි කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී ඇත. එම දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පසුගිය දා මීට අදාළ සුවිශේෂී සිදුවීම් දෙකක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කරගෙන ඇත.

ඉන් එක් සිදුවීමක් වන්නේ අවුරුදු 24ක ශ‍්‍රී ලාංකික ගුවන් ඉංජිනේරුවකු විසින් තරුණියන් 30 දෙනකුගේ නිරුවත්, අඩ නිරුවත් ඡුායාරූප සහ වීඩියෝ යොදාගනිමින් ඔවුන්ගේ චරිත ඝාතනය කිරීම, ලිංගික සම්බන්ධතා පැවැත්වීම, ඡුායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයට මුදාහැරිම, එම කටයුතු සඳහා මිතුරු හවුලක් පවත්වාගෙන යාම ඇතුළු අපරාධ රැසක් සිදු කර තිබීමයි.

ගුවන් ඉංජිනේරුවාගේ අන්තර්ජාල මෙහෙයුමට අසු වූ කොළඹ ප‍්‍රධාන පෙළේ බැංකුවක සේවය කළ 23 හැවිරිදි බැංකු සේවිකාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මේ අපරාධ ජාලයේ සුල මුල සොයාගෙන තිබේ. අදාළ පුද්ගලයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිමය පියවර ගෙන ඇති අතර තවත් මෙවැනි සිදුවීම් වැලක් පිළිබඳව තොරතුරු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල අපරාධ ඒකකයට ලැබී ඇත.

තරුණියන්ට අමතරව තරුණයන් ද යොදාගෙන මෙවැනි ආකාරයේ අපරාධ රැසක් සිදු කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

එහි දී යුද හමුදාවට සම්බන්ධ වන තරුණයන් හා පේ‍්‍රම සම්බන්ධතා ආරම්භ කළ තරුණියක් විසින් එම තරුණයන්ගේ නිරුවත් ඡුායාරූප අන්තර්ජාලය හරහා ගෙන්වාගෙන තිබේ.

පසුව එම තරුණියකගේ ස්වාමිපුරුෂයා යයි පැවසෙන අයකු විසින් තමන්ගේ බිරිඳට අසභ්‍ය ඡුායාරූප එවීම ගැන චෝදනා සිදු කර පොලීසියට පැමිණිලි කරන බවට තර්ජනය කර එය ගොඩින් බේරා ගැනීමට නම් ලක්ෂ ගණනින් මුදල් ලබා ගැනීමේ සංවිධානාත්මක ජාවාරමක් සිදුව ඇත.

මෙම සිදුවීමට අදාළව ද මේ වන විට අධිකරණ ක‍්‍රියාමාර්ග ගෙන තිබේ.

මේ වන විට ලැබී ඇති මෙවැනි ආකාරයේ අපරාධ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව දැනගන්නට ඇත.


(සත්හඬ)

Share on Google Plus