රජයට එරෙහිව චම්පික වෛද්‍ය සංගමය හසුරුවයි.


පසුගිය දිනෙක රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ (GMOA) නිළධාරීන් පිරිසක් සිය නිවසට කැඳවා ඇති බස්නාහිර පළාත් සංවර්ධන හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඔවුන්ට රජයට එරෙහිව වර්ජනයක් දියත් කරන ලෙසට බලපෑම් කර ඇති බව එම සංගමයේ නිළධාරීන් පිරිසක් වෙත පැවසීය. එහිදී තම සංගමයේ නිලධාරීන්ට චම්පික ඇමතිවරයා අයවැයට තදින්ම පහරදෙන ලෙස දැන්වූ බව එම නිළධාරීන් වැඩිදුරටත් පැවසීය. 

චම්පිකගේ උපදෙස් හමුවේ රජයේ වෛද්‍ය නිළධාරීන් ඔහුගෙන් අසා ඇත්තේ 'එහෙම ඇටෑක් කළොත් රාජිත ඇමතිතුමාට (සෞඛ්‍ය ඇමති) හරි නෑ නේද' යනුවෙනි. එවිට ඇමතිවරයා 'අගමැතිතුමා සම්පූර්ණයෙන්ම අයවැයට විරුද්ධයි. අනිවාර්යෙන්ම ජනවාරි රී-ෂපල් එකේදි රවීට මිනිස්ට්‍රිය නැතිවෙනවා. රාජිතට බයවෙන්න එපා. ස්ට්‍රයික් කරලා මිනිහව මෙල්ල කරගන්න' යනුවෙන් උපදෙස් දී ඇත.

සාකච්ඡාව අවසන් කොට චම්පික ඇමතිවරයාගේ නිවසින් පිටත්ව ගොස් ඇති වෛද්‍ය සංගමයේ නිළධාරීන් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න අමතා චම්පිකගේ කුමන්ත්‍රණය පිළිබඳව හෙලිදරව් කොට තිබේ. එයින් කෝපයට පත්වී ඇති සෞඛ්‍ය ඇමතිවරයා චම්පිකගේ සමීපතම හිතවතා සහ ඩීල්කරුවා වන 'වෝටර්ස් එජ්' සභාපති චමත් නැමැත්තා අමතා 'එකට ඉඳල බලුවැඩ කරන්න එපා කියනවා. මගේ තියෙන්නෙ මහ කුණු කටක්. ඒක අවුස්සගෙන වැඩ වරද්දගන්න එපා කියල තමුසෙගෙ යාලුවට කියනවා' යනුවෙන් තදබල ලෙස දෝෂාරෝපණය කර තිබේ. 

Share on Google Plus