යහපාලනයෙන් චමල් ගීතා ගොඩ යයි.


ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රභලයන් දෙදෙනෙකු වන හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාට හා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය එකී දිස්ත්‍රික්කයන්හි දිසා සංවර්ධන කමිටුවේ සම සභාපති ධූරය ජනාධිපතිවරයා විසින් පසුගිය 22වෙනිදා පිරිනමා ඇති බව ජනාධිපති කාර්යාලීය ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයාගේ අත්සන සහිත පත්වීම් ලිපි මීට ස්වල්ප වේලාවකට ඉහතදී ඔවුන් වෙත නිකුත් කළ බව එකී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරුන් දෙදෙනෙකු වන අතර ඉන් එක් සභාපතිවරයෙක් එජාපයෙන් හා අනෙක් තැනැත්තා ශ්‍රීලනිපයෙන් පත්වේ. ඉදිරි දිස්ත්‍රික් සංවර්ධන කටයුතුවලදී සියළුම සංවර්ධන ක්‍රියාදාමයන් සිදුවන්නේ මෙකී දිස්ත්‍රික් සංවර්ධන සම්බනධීකරණ කමිටු හරහාය. මෙම කමිටුවල සභාපතීත්වය පූර්ණ ඇමති ධූරයක් හා සමාන වේ. ඇමතිවරුන් සතු සියළුම වරප්‍රසාද හා බලතල මෙකී සභාපතිවරුන්ද සතුවේ.

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා චමල් රාජපක්ෂත්, ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ගීතා කුමාරසිංහත්, කළුතර දිස්ත්‍රික්කය සඳහා මහින්ද සමරසිංහත්, මහනුවර දිස්ත්‍රික්කය සඳහා එස්.බී. දිසානායකත්, කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා අනුර යාපාත් මාතර දිස්ත්‍රික්කය සඳහා ලක්ෂ්මන් යාපාත්, කොළඹ දිස්ත්‍රික්කය සඳහා සුසිල් ප්‍රේම්ජයන්තත්, ගම්පහ දිස්ත්‍රික්කය සඳහා වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේත්, අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා දුමින්ද දිසානායකත් පොලොන්නරුව දිස්ත්‍රික්කය සඳහා සිරිපාල ගම්ලත් යන අයවලුන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් අද දින පත්කොට තිබේ.

Share on Google Plus