CCTV කොළඹ සරසවියට - තාජුඩීන් ඝාතන වාර්තාව දින 14කින් ඉල්ලයි. (Update)



කොළඹ හැව්ලොක් පිළේ  රග්බි ක්‍රීඩකයකු වූ මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් සීටීටීවී ආරක්ෂක කැමරා දර්ශන ගැන දින 14කින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා කොළඹ විශ්ව විද්‍යාලයයට අද නියෝග කළේය.

එම දර්ශන සහිත සංයුක්ත තැටි හතරක් විශ්ව විද්‍යාලයයට යොමු කරන බවත්, සිද්ධියට අදාළ වාහනය වැනි වාහනයක් එහාට මෙහාට යන ආකාරය එම දර්ශනවල සටහන්වී ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

එම දර්ශනය සම්බන්ධයෙන් විදේශ විශේෂඥ යන්ගේ සහාය අවශ්‍ය නම් ඒ සඳහා අවසර ලබා දෙන බව ද මහේස්ත්‍රාත් කීවේය.

මේ අතර තාජුඩීන්ගේ මෘත ශරීරයෙන් පළමුව ලබාගත් ශරීර කොටස් තබා තිබූ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අධි ශීතකරණය ක්‍රියා විරහිත වී ඇති බවත්, එම ශීතකරණ කුටිය ගලවා නව ශීතකරණ කුටියක් සවි කිරීමේදී එම ශරීර කොටස් අපද්‍රව්‍ය ලෙස විනාශ කර හෝ භූමදාන කිරීමෙන් ඒවා අස්ථානගත වීමක් සිදුවීමට හැකි බව කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා විශේෂ වාර්තාවක් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත ඉදිරිපත් කරමින් ඊයේ (09දා) දැනුම් දුන්නේය.

ඝාතනයට ලක්වූ තාජුඩීන්ගේ මෘත ශරීරයෙන් ලබාගත් පපු අස්ථිය සහ කලවා අස්ථි 02ක් අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ තිබියදී අස්ථානගත වීම සම්බන්ධයෙන් රහස් පොලිසියද විශේෂ පරීක්ෂණයක් පැවැත්වුවත් ඒවා සොයා ගැනීමට නොහැකි විය.
තාජුඩීන්ගේ ශරීර කොටස් අස්ථානගත වීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් මහතා ඉකුත් 03 වැනිදා අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි.

ඉන් අනතුරුව තාජුඩීන්ගේ ශරීර කොටස් අස්ථානගත වීම සම්බන්ධයෙන් හා ඒවාට කුමක් වූයේද යන්න පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත ඉදිරිපත් කර තිබිණි. එම සවිස්තර වාර්තාව මෙසේය.

2012.05.17 දින කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ එවකට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා වශයෙන් කටයුතු කළ මා විසින් වෛද්‍ය කණ්ඩායමක් සමඟ පැවැත්වූ ඉහත නම සඳහන් මරණකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව වැඩිදුර පරීක්ෂණ සඳහා රඳවා ගන්නා ලද මිනිස් පටක හා අනෙකුත් කොටස් පිළිබඳවයි.

ඒ. මෙම පශ්චාත් මරණ පරීක්ෂණය ආරම්භයේ හා විච්චේදනයට පෙර මෘත දේහය ඔ-අචර කිරණ පරීක්ෂාවකට ලක් කරන ලදී. මේ ඔ-අචර කිරණ පරීක්ෂාවේ අරමුණ වූයේ,

1. ශරීරයේ ගිනිඅවි උණ්ඩ තිබේ දැයි නිරීක්ෂණය කිරීම.

2. මෘත දේහය පියවි ඇසින් බලා අනන්‍යතාව තහවුරු කිරීමට තරම් සුදුසු තත්ත්වයේ නොතිබුණු බැවින් තාජුඩීන් නමැති අය ජීවත්ව සිටියදී දකුණු කකුලට සිදු කරන ලද ශල්‍යකර්මයකින් ඇතුළු කරන ලද ලෝහමය ප්‍රතිකාරක උපාංගය මඟින් අනන්‍යතාව තහවුරු කර ගැනීම.

ඕ. පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කරන අවස්ථාවේදී කරන රසායනාගාර පරීක්ෂණය සඳහා අවශ්‍ය කරන පටක කොටස් ලබා ගැනීම හා මෙහිදී මේ පටක කොටස්,

1. රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීම සඳහා

2. පටක විද්‍යා රසායනාගාරය (ඩ්ඪඵබධතධඨර ඹ්චඡධපචබධපර) වෙත ඉදිරිපත් කිරීම සඳහා වෙන වෙනම ලබා ගන්නා ලදී

ඛ්. පශ්චාත් මරණ පරීක්ෂණය අවසානයේ මරණකරුගේ භග්නය වී ඇති කලවා අස්ථි යුගල අස්ථිය හා යාබද ඉළඇට ඇතුළත්ව උරස් තැටිය (ඛ්ඩඥඵබ ර්ථීතචබඥ) ශ්වාසනාලයේ පහළ කොටස අවශ්‍ය වුවහොත් වැඩි දුර පරීක්ෂාව සඳහා සුරක්ෂිත කිරීමේ අරමුණ ඇතිව මෘත දේහය විච්ඡේද කර එයට සම්බන්ධ කුඩා මෘදු පටක සමඟ තබා ගන්නා ලෙස විච්ඡේදන සහකරුවන්ට හා වෛද්‍යවරුන්ට උපදෙස් දෙන ලදී. (මේ පිළිබඳ මාගේ උපදෙස් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන අවස්ථාවේදී වෛද්‍ය සී.කේ. රාජගුරු මයා විසින් සටහන් තබා ඇත.)

ඉහත සඳහන් පරිදි නිදර්ශක හා වැඩිදුර පරීක්ෂණ කොටස් තබාගත් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු 17.05.2012 දින ඉදිරිපත් කරන ලද ප්‍රාථමික වාර්තාව මඟින් ගරු අධිකරණයට දන්වා ඇත.

මේ ලෙස ලබා ගන්නා ලද ඔ-අචර කිරණ සේයාපට හා ශරීර පටක හා අනෙකුත් කොටස් සම්බන්ධ පහත සඳහන් ක්‍රියාපටිපාටිය අනුගමනය කරන ලද අතර එය එම ආයතනයේදී ඒ වන විට සාමාන්‍යයෙන් හා මෙවැනි දෑ සම්බන්ධව අනුගමනය කරන ක්‍රියාපටිපාටිය වේ.

01. ඔ-අචර කිරන සේයාපට අනිකුත් සටහන් හා වාර්තා සමඟ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ කාර්යාලයේ රඳවා තබන ලදී.

02. රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට ලබාගත් නිදර්ශක හා ච්ව්ඒ පරීක්ෂණ සඳහා ලබාගත් නිදර්ශකය ආයතනයේ විද්‍යාගාරය වෙත මරණ පරීකෂණයට සහාය වූ සේවක මහතා විසින් භාර දෙන ලද අතර පසුව ඒවා පරීක්ෂණ සඳහා ලිඛිත ඉල්ලුම සහිතව රජයේ රස පරීක්ෂක වෙත රසායනාගාර භාර විද්‍යාත්මක නිලධාරීන් විසින් යවා ඇත. එසේ යවා නැති නිදර්ශක රසායනාගාරයේ රඳවා තබා ගෙන ඇත. (සියලු නිදර්ශක ලේබල් කර ඇත).

03. වෛද්‍යවේදී පරික්ෂාවට (ඩ්ඪඵබධතධඨර) ලබා ගත් පටක විද්‍යා රසායනාගාරය වෙත භාර දීම මෘත ශරීරය විච්ඡේදනය කළ සේවක මහතා විසින් සිදුකරන ලදී. (සියලු පටක කොටස් සහිත බැහැලුම් ලේබල් කර ඇත.)

04. කලවා අස්ථි යුගළ, උරස් තැටිය (ඛ්ඩඥඵබ ර්ථීතචබඥ) හා ශ්වාසනාලය හා එයට සම්බන්ධ කුඩා මෘදු පටක කොටස් මෘත ශරීරාගාරයේ ශීතාගාරය ඇති කාමරයේ අධි ශීතකරණය හෝ මෘත ශරීර ගබඩා කරන ශීතකරණ තැටිය තුළ (මෙම කොටස් දැමීමට වෙන් කර ඇති) පශ්චාත් මරණ පරීක්ෂණය කළ වෛද්‍යවරුන්ගේ දැනුම්දීම මත හා උපදෙස් පරිදි ගබඩාකර (ඉබධපචඨඥ) තැබීමට කටයුතු කිරීමට සහායකයන් උපදෙස් දී ඇත.

සටහන - මෙහිදී 2 හා 3 සඳහා පරීක්ෂණ ඉල්ලුම් කරන පෝරමයන් නිසි පරිදි සටහන් කර මා විසින් හෝ පරීක්ෂණය කළ අනෙක් වෛද්‍යවරයකු විසින් අස්සන් තබා ඇත.

මෙලෙස ලබා ගන්නා නිදර්ශක පිළිබඳව සියලු සටහන් පශ්චාත් මරණ පරීක්ෂණයට සහභාගි වූ වෛද්‍යවරයකු වන සී. කේ. රාජගුරු මහතා විසින් සටහන් කරගෙන ඇත. ශීතාගාරය තුළ මේ සඳහා වෙනම ලේඛනයක් හෝ ඉන්වෙන්ටි්‍රයක් භාවිත කිරීම මේ කාර්යාලය තුළ එවකට සිදු නොවිණි. මෘත දේහය ගබඩා කරන ශීතකරණ කුටි හා අධි ශීතකරණ ක්‍රියා විරහිත වන අවස්ථාවන්හිදී (පැරැණි උපකරණ බැවින්) මෙලෙස තැන්පත් කර ඇති අස්ථි කොටස් හා මෘදු කොටස් ආදිය මාරු කිරීම සිදු කෙරේ. සමහර අවස්ථාවලදී කොටස් ප්‍රතිභවනය වීම නිසා රජයේ කොන්ත්‍රාත්කරු ලවා, භූමදානය කරන අවස්ථාද ඇත. මෙලෙස ගබඩා කිරීම සඳහා උපයෝගි කර ගන්නා ශීතකරණ කුටි හෝ අධි ශීතකරණ යතුරු දමා වැසීමේ හැකියාවක්ද නැත.

කෙසේ වුවත් මේ අස්ථි කොටස් මා විසින් නැවත පරික්ෂා කිරීමේ අවශ්‍යතාව ඇති නොවුණු බැවින් 03.06.2013 දින මා විශ්‍රාම යන තුරුම ඒවා පිළිබඳව නැවත විමසීමක් සිදු නොවුණි. මෙම අස්ථි කොටස් මෘත දේහයෙන් ඉවත් කිරීම පශ්චාත් මරණ පරීක්ෂණයට සහාය වූ සුළු සේවකයන් විසින් සිදු කරන අතර ඒ සඳහා යම් කාලයක් ගතවේ. පසුව ඒවා ඉඅ අංකය යොමු සටහන් කර ශීතාගාරය තුළ හෝ අධි ශීතකරණය තුළ තැන්පත් කරයි. (රසායනාගාරයට යවනු නොලැබේ) මේ අවයව හෝ අස්ථී ආදිය මෘත දේහයෙන් ඉවත් කිරීම සිදු කරනුයේ පශ්චාත් මරණ පරීක්ෂණයට සහාය වූ කනිෂ්ඨ සේවකවරුන් විසිනි. ඉන්පසු ඒවා ලේබල් කර අංක යොදා අධි ශීතකරණයේ හෝ ශීතාගාර කුටියේ තැම්පත් කරනුයේද ඔවුන් විසිනි. අවශ්‍ය වූ විට ඒවා නැවත පරික්ෂාවට හෝ වෙනත් කටයුත්තක් සඳහා තෝරා ඉවත් කිරීම සිදු කරන්නේද ඔවුන් විසිනි. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු වැඩි දුර පරීක්ෂණ සඳහා ඉවත් කරන ලද කොටස් හැර මෘත දේහය භාරකරුවාට භාර දෙන්නේද ඔවුන් විසිනි. මේ සඳහා එවකට පෝරමයක් භාවිත කරන ලදී. පොලිස් මුර පොළේ ලේඛනයේද සටහන් කර භාර ගත් අය මෘත දේහය භාර ගනී.

මෘත ශරීරයෙන් ලබාගෙන රසායනාගාර පරීක්ෂාවකට යොමු කර නොමැති සියලුම ද්‍රව්‍ය හා කොටස් අදාළ රසායනාගාරයේ හෝ ඒ නිදර්ශක රඳවා තැබූ ස්ථානවලම තිබෙන්නට හරින ලදී. මේ මිනිස් පටක හා මෘත ශරීර කොටස් තැනින් තැනට ගෙන යෑමක් සාමාන්‍යයෙන් සිදු නොකෙරේ. ඒවා එම පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ ආයතනයේම තබනු ලැබේ. මිය ගිය වසීම් තාජුඩීන්ගේ මෘත දේහයට අදාළව ලබා ගත් නිර්දේශක හා අනෙකුත් ද්‍රව්‍ය සඳහාද මෙම ක්‍රියා පද්ධතිය අනුගමනය කරන ලදී. මේ නිර්දේශක හෝ ද්‍රව්‍යවල පෞද්ගලික අයිතියක් හෝ භාරකාරිත්වයක් පරීක්ෂණය සිදුකරන ලද වෛද්‍යවරයා සතුව නැත. මෘත දේහය පරීක්ෂණය සඳහා යොමු කරන ආයතනයට ඒවායේ අයිතිය හා භාරකාරත්වය ඇත. කෙසේ නමුත් වෛද්‍යවරයා විසින් පෞද්ගලිකව තබනු ලබන සටහන් හා අධිකරණයට ඉදිරිපත් කරන වාර්තාවේ පිටපතක් තමා භාරයේ අවශ්‍ය විටෙක රඳවා ගනු ලබයි. එසේම පරීක්ෂණය පැවැත්වූ වෛද්‍යවරයා හෝ වෛද්‍යවරු ආයතනයෙන් ඉවත් වී යෑමේදී ඒවායේ ලැයිස්තුව භාර දීමක් හෝ පැවැරීමක් සිදු නොවේ.

මරණකරු තාජුඩීන්ගේ මෘත ශරීරයෙන් ලබා ගත් ඔ-අචර සේයා පටල මා විශ්‍රාම ලබා පිටවන විට ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ කාමරයේ අල්මාරියෙ තැන්පත් කර තබා පැමිණි බැවින් පසුව එදිනම රාත්‍රියේ පසු දින සිට ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ලෙස පත්වීම ලබා පැමිණි එම නියමිත වෛද්‍ය අජිත් තෙන්නකෝන් මයාට පහසුකම් සැලසීම සඳහා එම වාර්තා ඇතුළු ලිපිද්‍රව්‍ය ඉවත් කරන ලද බව පසුව මා හට දැනගන්නට ලැබිණි. ඒ අනුව ඒ වන විටත් එම ආයතනයේ සේවය කළ මේ මරණ පරීක්ෂණය මා සමඟ සිදු කළ වෛද්‍ය ශ්‍රියන්ත අමරරත්න මයාට එම ඔ-අචර සේයා පටල භාරදී ඇති අතර ඔහු විසින් 30.08.2015 දින ඒවා මා වෙත භාර දෙන ලදී. මේ පිළිබඳ මා විසින් ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලද 09.09.2015 දිනැති වාර්තාවේ සඳහන් කර ඇත.

එම සේයා පටල අධිකරණ නියෝග මත 30.09.2015 දින වෛද්‍ය අජිත් තෙන්නකෝන් මයා (ප්‍රධාන වෛද්‍ය කණ්ඩායමට) භාර දෙන ලදී. (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවේ නිලධාරිවරයකු ඉදිරිපිටදී අධිකරණ නියෝග ප්‍රකාරව) ගරු අධිකරණ නියෝගයට අනුව 30.09.2015 දින රහස් පොලිසියේ මිනී මැරුම් විමර්ශන අංශයේ පො.සැ. රත්නප්‍රිය මයා සමඟ පැමිණ මෘත ශරීරයෙන් ඉවත් කර ශීතකරණ කුටි අධි ශීතකරණ තුළ තැම්පත් කර තැබීමට මා විසින් උපදෙස් දුන් කලවා අස්ථි උරස් තැටිය හා ශ්වාසනාලයේ කොටස පිළිබඳව සොයා බැලුවත් ඒවා මෘත ශරීරාගාරයෙන් සොයා ගැනීමට නොහැකි විය. මෙහිදී නිරීක්ෂණය කෙරුණේ අධි ශීතකරණය තුළ කුණු වී ගිය අවයව (අක්මාවක්) හිස් කබලක් හා බැලූ බැල්මට අපද්‍රව්‍ය ලෙස පෙනෙන ද්‍රව්‍යද ශරීර කොටස් තැන්පත් කිරීමට යොදා ගත් ශීතකරණ කුටි කට්ටලය ඉවත් කර ඒ වෙනුවට වෙනත් නවීන ශීතකරණ කුටි කට්ටලයක් සවිකර ඇති බවය. ඒ අනුව පෙනී යන්නේ මා එම ආයතනයෙන් ඉවත් වූ පසු කාලය තුළ අධි ශීතකරණය අවිධිමත් ලෙස ශරීර කොටස් ( කිසිම හඳුනා ගැනීමේ සලකුණක් නොමැතිව) හා අපද්‍රව්‍ය ලෙස සැලකිය හැකි බෝතල් කුප්පි ආදිය තබා ඇති බවත් ශීතකරණය නිසි පරිදි දැනට ක්‍රියා නොකරන බවත්ය. අලුතින් සවිකර ඇති ශීතකරණ කුටි කට්ටලයේ එක කුටියක් පශ්චාත් මරණ පරීක්ෂණවලදී ඉවත් කරන අස්ථි ආදිය තැම්පත් කර ඇති බවත් මෙයින් සමහරක් යොමු අංක යොදා ඇති බවත් නිරීක්ෂණය කරන ලදී.


  • අවසන් නිරීක්ෂණය

මේ කරුණු සලකා බැලීමේදී මා විසින් උපදෙස් දී ඇති පරිදි කලවා අස්ථි පශ්චාත් මරණ පරීක්ෂාවේදී ඉවත් කර ඒවා මෘත ශරීරාගාරයේ (රසායනාගාරයේ නොවේ) තබා ඇති බවත් දැනට එම අධි ශීතකරණය ක්‍රියා විරහිතව ඇති අතර අපද්‍රව්‍ය ලෙස සැලකිය හැකි දෑ තැම්පත් කර ඇති බව පෙනී යයි. ශීතකරණ කුටිය ගලවා ඉවත් කර ඇති බවත් නව ශීතකරණ කුටියක් සවිකර ඇති බවද පැහැදිලිය. මේ ක්‍රියාවලිය අතරතුරදී මෙම අස්ථි කොටස් අස්ථානගත වීමේ ප්‍රවණතාවක් ඇත. එසේ නොමැති නම් ඒවා විනාශ කර හෝ වෙනත් ආයතනයකින් අස්ථාන ගතකර හෝ භූමදාන කර ඇත. මෙම අස්ථි පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඉවත් නොකළේ නම් නැවත මෘත දේහය ගොඩගත් අවස්ථාවේදී එම අස්ථි අනෙකුත් අස්ථි සමඟ තිබිය යුතුය. 17.05.12 දින සිට මා විශ්‍රාම ගිය 03.06.13 දින දක්වා මෙම ශීතකරණ තුළ එම අස්ථි තිබිය යුතු අතර ඉන් පසුව සිදුවී ඇති හා සිදුකර ඇති ක්‍රියාකාරකම් පිළිබඳවත් මාගේ සම්බන්ධතාවක් හෝ දැනුවත් වීමක්ද නැත.


මහාචාර්ය ආනන්ද සමරසේකර,
අධිකරණ වෛද්‍ය විශේෂඥ උපකුලපති
දකුණු ආසියානු තාක්ෂණික හා
වෛද්‍ය ආයතනය (SAITAM)

මාලබේ.

 ----------------------------2015.12.09. 7.30pm-------------------------------------------

ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මහතාට කෲර වධ හිංසා පමුණුවා අභිරහස්‌ අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වීඩියෝපට කීපයක්‌ පරීක්‍ෂා කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලය වෙත භාරදී ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

මෙම ඝාතනය සිදුවීමෙන් පසු එවකට පොලිසිය කිසිම ආකාරයක නිවැරදි පරීක්‍ෂණයක්‌ සිදු නොකිරීම නිසා මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමේදී ගැටලු රැසකට මුහුණ දීමට සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

2012 වර්ෂයේදී සිදුවූ තාජුඩීන් මහතාගේ ඝාතනය සහ ඔහු පැහැරගෙන යැමේ සිදුවීම්වලට අදාළ සීසීටීවී වීඩියෝ පට මකා දමා ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

එසේ මකා දමන ලද සීසීටීවී වීඩියෝ දර්ශන නැවත ලබා ගැනීමට පොලිසිය මොරටු විශ්වවිද්‍යාලයේ සහාය ලබා ගනිමින් සිටී. මෙම ඝාතනය සිදුවීමෙන් වසර 3 කට පසු නව රජය බලයට පත්වී 2015 වර්ෂයේ මාර්තු මාසයේදී මෙම පරීක්‍ෂණ කටයුතු නැවත ආරම්භ කරනු ලැබීය.

කොළඹ නගරයේ ප්‍රසිද්ධ ස්‌ථානවල සවිකර ඇති සීසීටීවී කැමරා දර්ශන වසර තුනක කාලයක්‌ තබාගෙන නොසිටින අතර ඒවා කෙටි කාලසීමාවක්‌ තුළදී මකා දමන බවද පොලිස්‌ මූලස්‌ථානය කියා සිටියි.


පොලිසිය මේ වන විට උත්සාහ කරමින් සිටින්නේ මෙම ඝාතනයට අදාළව රූපගතවී ඇති බවට සැකකරන සීසීටීවී දර්ශන නැවත ලබා ගැනීමටයි.

මේ අතර රගර් ක‍්‍රීඩක මොහොමඞ් වසිම් තාජුඩීන්ගේ ගොඩගත් මළ සිරුර සම්බන්ධයෙන් වූ විශේෂ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ අවසන් වාර්තාව ඉකුත් දෙසැම්බර් මස 03 වන දින කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත ලබා දී ඇත.

එම වාර්තාව ලබා දී ඇත්තේ තාජුඩීන්ගේ මෘත ශරීරය පිළිබඳ පරීක්ෂණ සිදු කළ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතා විසිනි. පරීක්ෂණ වාර්තාවෙන් අධිකරණ වෛද්‍යවරයා පෙන්වාදී ඇත්තේ වසිම් තාජුඩීන් රියඅනතුර සිදු වන මොහොතේ වාහනය පදවා නොමැති බවයි. තාජුඩීන්ට පහර දී දුර්වල කිරීමෙන් පසුව සිරුර මෝටර් රථයේ වම්පස අසුනේ තබා අනතුර වීමට ඉඩ සලස්වා තිබෙන බවත් ඒ අනුව මෝටර් රථය ගිනි ගැනීම වසිම්ගේ මරණයට ස්වල්ප වේලාවකට පෙර හෝ මරණය සිදු වෙමින් තිබූ කාල පරාසයේ සිදු වී ඇති බවත් අධිකරණ වෛද්‍ය නිලධාරී මණ්ඩලය මතයක් පළ කර ඇත. අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ පරීක්ෂණවලට අනුව වසිම් තාජුඩීන් පණපිටින් පුළුස්සා ඇති බව තහවුරු වේ.

මෙම ඝාතනයට ශ‍්‍රී ලංකා රගර් පරිපාලන ගැටලූවක් හේතු වී ඇති බව මේ වන විට අනාවරණය වී ඇති අතර රගර් ක‍්‍රීඩක වසිම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි පැවසෙන්නේ හිටපු ජනාධිපති පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලට අනුව මෙම ඝාතනය සඳහා තිස්ස නමැති හමුදා නිලධාරියෙක් ද සම්බන්ධ වී ඇත. තාජුඩීන්ගේ මරණය ඝාතනයක් ද හදිසි අනතුරක් ද යන්න පිළිබඳ රහස් පොලීසියත් අධිකරණ වෛද්‍ය නිලධාරී මණ්ඩලයත් ඉතා පුළුල් විමර්ශනාත්මක වාර්තාවක් සකස් කර ඇත. එම වාර්තාවට අනුව තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බවට තහවුරු කරගෙන ඇත.

ඒ අනුව මෙම මරණය ඝාතනයක් බව නීතිපතිවරයා තීන්දු කරනු ඇති බවත් නුදුරේම ඊට අදාළ අධිකරණ කි‍්‍රයාමාර්ග ගනු ඇති බවත් රහස් පොලිස් ආරංචිමර්ග පවසයි.

මේ අතර තාජුඩීන‍්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවක් බවට සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට තාජුඩීන්ගේ පවුලේ ඥාතීහු කටයුතු කරමින් සිටිති.

නීතිඥයන් පිරිසක් මේ සතිය තුළ දී ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන් මුණගැසී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව තාජුඩීන්ගේ පවුලට සමීප තොරතුරු අනාවරණය කරයි.

මීට වසර තුනකට පෙර තාජුඩීන්ගේ රිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙය වූ හිටපු නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයා සහ තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිපදෙනකුට එරෙහිව මේ පැමිණිල්ල ගොනු කිරීමට තාජුඩීන්ගේ පවුලේ ඥාතීහු බලාපොරොත්තු වෙති.

මීට අදාළ විමර්ශන කටයුතු වැරදි මාර්ගයකට යොමු කිරීමට උත්සහ කරන ලදැයි කියන හිටපු රජයේ ඉහළ තනතුරු දැරූ අය සමඟ සමීප සබඳතා පැවැත්වූ දැනට විශ්‍රාම ගොස් සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුට විරුද්ධව පියවර ගැනීමට බලාපොරොත්තු වේ.

තාජුඩීන්ගේ පවුලේ නීති කටයුතු මෙහෙයවන නීතිඥවරයකු පවසා සිටියේ නාරාහේන්පිට පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් වැරදි සහගත වාර්තාවක් ඉදිරිපත් කර, රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් වැරදි චිත්‍රයක් මවාපෑමට උත්සහ කර ඇති බවය.

පසුගිය සතියේ අධිකරණ නිලධාරී වෛද්‍ය වාර්තා මගින් පෙන්වාදී ඇත්තේ මෙම අනතුර සිදු වූ අවස්ථාවේ තාජුඩීන් වාහනයේ නොසිටි බවයි. මෙවැනි ව්‍යාජ අනතුරක් සැලසුම් කර තාජුඩීන්ගේ සිරුර පසුව වාහනයට දමන්නට ඇතැයි සැක කිරීමට තරම් හේතුසාධක තිබෙන බව එම අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් පෙන්වා දී ඇත.

ඔහුගේ සිරුරේ ඇති තුවාල පිළිබඳව වෛද්‍ය වාර්තාවක් පෙන්වා ඇත්තේ මෙවැනි තුවාල මොට ආයුධයකින් පහරදීමෙන් සිදුවූ තුවාලවලට සමාන බවත් ය.

මේ අතර තාජුඩීන් ඝාතනයකට අදාළ යයි සැකකෙරෙන CCTV දර්ශන පෙළක් රහස් පොලිසිය භාරයට ගෙන ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, මොහොමඩ් තාජුඩීන්ගේ අභිරහස්‌ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සියලු දෙනා මේ වනවිට හඳුනාගෙන සිටින බවද පොලිස්‌ ආරංචි මාර්ග කියා සිටියි.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට පෙර ඔහු සමග ප්‍රභූ පවුලක සාමාජිකයින් සිට ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ ප්‍රකාශ කර තිබේ.


ඇමතිවරයා පවසන්නේ  එම වීඩියෝ දර්ශන සියල්ලක්ම මේ වනවිට රහස් පොලිසිය භාරයේ පවතින බවත් ඉදිරියේදී එම දර්ශන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය. එම වීඩියෝ දර්ශනවල තාජුදීන් ගමන් කළ මාර්ගය පිළිබඳව සියලු තොරතුරු ඇතුළත් වී ඇති බව පැවසේ.

අධිකරණ නියෝගය ලබා දුන් වහාම මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සියලුදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස්‌ මූලස්‌ථානය කියා සිටියි.

Share on Google Plus