ස්වර්ණවාහිනියෙන් බුද්ධික දොට්ට.


වසර දහයකට ආසන්න කාලයක් ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකා ප්‍රධානී හා ඊ.ඒ.පී. මාධ්‍ය ජාලයේ විධායක සභාපති ලෙස කටයුතු කළ බුද්ධික කුලසේකර මහතාගේ වැඩ ලබන 31 වැනිදායින් පසුව අවසන්වනු ඇතැයි වාර්තා වේ.

වයස අවුරුදු 26දී ඊ.ඒ.පී. ජාලයේ නියෝජ්‍ය සභාපති ජීවක එදිරිසිංහ හා එහි සභාපතිනි සෝමා එදිරිසිංහ මහත්මිය යන දෙදෙනාගේ සහයෙන් බුද්ධික අදාල තනතුරට පත් විය.

ඔහු ස්වර්ණවාහිනියෙන් සමුගත් පසුව ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට නියමිත බවද පැවසේ.

බුද්ධික ස්වර්ණවාහිනියට සමුදී ඇත්තේ ඔහු විසින් දැනට සිදුකරනු ලබන ව්‍යාපාර තුන පවත්වාගෙනයාමට බවද මේ අතර වාර්තා වේ.

කෙසේවුවද බුද්ධික ස්වර්ණවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් නොවන බවද වාර්තා වේ.

මේ අතර ඔහු ඉදිරියේදි වසරකට එක් චිත්‍රපටයක් හා එක් ටෙලිනාට්‍යක් නිෂ්පාදනය කිරීමටද සූදානමින් සිටින බව වාර්තා වේ.


Share on Google Plus