අද අය වැය ඡන්ද විමසීමේදී ගාල්ලෙන් දෙන්නෙක් ආණ්ඩුවට.



මෙවර (2016) අයවැය තෙවැනි වර කියවිමේ ඡන්ද විමසීම අද(19) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතය. 

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ 15 වන දිනය වන අද(19) දිනයේ විශේෂ කාරක සභා විවාදයද පැවැත්වේන අතර තුර ඉන්පසුව ඡන්ද විමසීම ආරම්භකෙරේ.

මේ යටතේ අමාත්‍යංශ කිහිපයත් එකවර සාකච්ඡාකෙරේ. ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව ඇත්තේ පස්වරු 05.00 ට පමණය.

සංශෝධන ඉදිරිපත්කිරීම හේතුවෙන් ඇතිවු අයවැය හිඟය පියවිම සඳහා වන නව යෝජනා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් අද දිනයේ ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්ථාවේ.

‍එමෙන්ම අද දිනයේ අයවැය කාරක සභා විවාදය ආරම්භකරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුයේ අයවැය ට අදාළ සංශෝන ආර්ථික කමිටුව මගින් ජනවාරී මාසයේ සිදුකර බවය.

මේ අතර අද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනකු අයවැයට පක්ෂව ඡන්දය දීමට සූදානම් වන බවත් ඒ අතර ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනකු ද සිටින බවත් වාර්තා වේ.

මෙහිදී ඒ අතරින් දෙදෙනෙක් අයවැයට පක්ෂපාතී වීමෙන් එහා ගොස් පක්ෂ මාරුවකට ද සූදානම් වන බව ආරංචි මාර්ග පවසයි. ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සිය සාමාජිකයින් ඉවත්ව යාම වළක්වා ගැනීමට සාකච්ඡා කර ඇති නමුත් එම උත්සාහය අසාර්ථක වී ඇති බව පැවැසේ.

Share on Google Plus