ඇවන්ගාඩ් සල්ලිවලට වෘත්තිය වික්ක මාධ්‍යවේදීන්ට වැඩ වරදියි ?


ඇවන්ගාඩ් සමාගමෙන් මුදල් ලබා ගත් මාධ්‍යවේදීන් හෝ වෙබ් අඩවි ඇත්නම් ඒ පිළිබද තොරතුරු හෙළිවූ වහාම ඒ සම්බන්ධයෙන් විභාග පවත්වා මුදල් ලබාගත් මාධ්‍යවේදීන් වෙතොත්, මාධ්‍යවේදීන්ගේ ජනමාධ්‍ය හැදුනුම්පත සහ වෙබ් අඩවි වෙතොත් ඒවායේ බලපත්‍ර තහනම් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන යන මහත්වරු කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අවස්තාවේදී ප්‍රකාශ කර ඇත.

ඔවුන් එසේ ප්‍රකාශ කර ඇත්තේ ඇවන්ගාඩ් සමාගමෙන් මුදල් ලබාගත් මාධ්‍යවේදීන් හෝ වෙබ් අඩවි වෙතොත් ඔවුන්ට එරෙහිව ගන්නා පියවර කුමක්දැයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඇවන්ගාඩ් මුදලය යට නොවී සිටින මාධ්‍යවේදීන්ට ඒ හරහා බලපෑමක් එල්ල වන්නේ නම් ඒ පිළිබද ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කල හැකි බවද එසේ දැනුම් දෙන මාධ්‍යවේදීන්ව ආරක්ෂා කිරන බවද ඔවුන් එහිදී පැවසා ඇත.


Share on Google Plus