විදුහල්පතිනිය විසාකාවන්ට බිලක් දායි.


කොළඹ විසාකා විද්‍යාලයේ විදුහල්පතිනි කර්නල් සඳමාලි අවිරුප්පොළ මහත්මිය ඊයේ (04) දින පාසලේ සියලූ ශිෂ්‍යාවන්ට අපූරු නියමයක් පනවා ඇත.

ඒ අනුව ඇය විසින් නම් කරනු ලැබූ ප‍්‍රකාශන සමාගමක නිෂ්පාදනයක් වන අභ්‍යාස පොත් ලබන ජනවාරියේ නව පාසල් වාරයේ දී අනිවාර්යයෙන්ම රැගෙන ආ යුතුය.

ඒ අනුව සැම ශිෂ්‍යාවක්ම පිටු 120 පොත් 3ක් හා CR පොත් 3ක් අනිවාර්යයෙන් මිලදී ගත යුතුය.

විදුහල්පතිවරිය විසින් නම් කරන ලද ProMate නම් අභ්‍යාස පොත් නිෂ්පාදනය කරනු ලබන්නේ හිටපු ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල ප‍්‍රධානියා වූ ගාමිණී සෙනරත් මහතාට අයත් මරදානේ පිහිටි ප‍්‍රසිද්ධ ප‍්‍රකාශන සමාගමකිනි.

විශාඛා විද්‍යාලයේ විදුහල්පතිවරිය යනු පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේ දී එම රෙජීමයේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ප‍්‍රසිද්ධියේ පෙනී සිටි අයෙකි. එමෙන්ම ගාමිණී සෙනරත් මහතාගේ සමීප හිතවතියකි.

කෙසේ නමුත් විදුහල්පතිවරයකුට හෝ විදුහල්පතිවරියකට කිසියම් නිෂ්පාදන නාමයක් යටතේ වන පොත් අනිවාර්යයෙන්ම මිලදී ගත යුතු බවට නම් කිරීමේ අයිතියක් නැත.

එමෙන්ම මෙම පොත් වෙළෙඳපොළෙහි දැනට පවතින ඉහළ ගණයේ අනෙක් නිෂ්පාදනවලට වඩා මිලෙන් අධිකය.


Share on Google Plus