දයාසිරි, සුමිත්ට හරිද? ක්‍රීඩාවට සොරිද?


ලබන වසරේ පෙබරවාරි මුල් සතියේ ආරම්භ වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා තරඟාවලිය (සාග්) සඳහා තවමත් හොකී සංචිතයක් තෝරා නැතැයි Info Sri Lanka News වෙත වාර්තා වේ.

වසර 4කට වරක් මෙරට ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරඟ අත්දැකිමක් හිමිවන කලාපිය තරඟාවලියක් වන සාග් තරඟාවලිය සඳහා හොකී කණ්ඩායමක් ඉදිරිපත් කර ජයග්‍රහණය කරවීමට බලධාරීන් සේම ක්‍රීඩා අමාත්‍යවරයා ද උනන්දු නොවන්නේ මන්ද යන්න හොකී ක්‍රීඩාවට ආදරය කරන ජනතාව හමුවේ ඇති පැනයකි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා හොකී සංගමයේ සභාපතිවරයා ලෙස වසර 10ක් තිස්සේ කටයුතු කරමින් සිටි පොලිස් අධිකාරී සුමිත් එදිරිසිංහ විසින් ශ්‍රී ලංකාවේ හොකී බිඳවැටීවීමට විනා වර්ධනය කිරීමට කිසිදු කාර්යභාරයක් ඉටු කර නොමැති අතර එම පුද්ගලයා තව දුරටත් උත්සහ දරමින් සිටින්නේ තම සභාපති පුටුව රැක ගැනීමට පමණි.

මේ අයුරින් කටයුතු කරන බලධාරීන් නිසා මෙරට වලපල්ලන යන ක්‍රීඩා අතරට හොකී ක්‍රීඩාව ද එක් වීමට වැඩි දිනක් ගත නොවනු ඇත. ඊට ක්‍රීඩා අමාත්‍යවරයා ද වග කිව යුතු බව ද අප මතක් කර සිටින්නෙමු.


Share on Google Plus