යොවුන් පාර්ලිමේන්තු මැතිවරණයේ අක්‍රමිකතා ගැන එරන්ද කතා කරයි.



2015 නොවැම්බර් 07 වන දින මධ්‍යස්ථාන 334 දී පැවැත්වූ 2015 වර්ෂය සඳහා යොවුන් පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝරා ගැනීමේ මැතිවරණයේ දී අක්‍රමිකතාවයන් සිදුවූ බවට පසුගිය දා වාර්තා විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් එරන්ද වැලිඅංගේ මහතා පැවසුවේ යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් කිසිදු දේශපාලන බලපෑමක් සිදු නොවූ බවයි.

එසේම අදාළ චෝදනාවන් පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත්කළ බවත් එම කමිටු වාර්තා ලැබුණු වහාම ඊට අදාළ ක්‍රියාමාර්ග ලබා ගත හැකි බවත් ය.

එසේම තමන් තාරුණ්‍ය යහපත වෙනුවෙන් පෙනී සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

එහිදී ඒ මහතා කල සම්පුර්ණ ප්‍රකාශය,

"ඇත්තටම මේ සම්බන්ධව මේ වන විටත් මට පැමිණිලි ලැබිල තිබෙනවා. එහෙත් පැමිණිල්ලක් ඉදිරිපත් කල විගස එහි අක‍්‍රමිකතාවක් සිදුවුණා යැයි කියන්න බෑ. නමුත් එම පැමිණිල්ල ලැබුණු විගසම ඒ සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදුකරන්න මම මගේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. විධිමත් පරීක්ෂණයෙන් අනතුරුව මේ සම්බන්ධ ඉදිරිපත් කරල තියෙන චෝදනා සත්‍ය යැයි ඔප්පුවුවහොත් ඒ සම්බන්ධ දැඩි කි‍්‍රයාමාර්ග ගන්න සභාපතිවරයා විදියට මම පසුබටවෙන්නෙ නෑ.

ඒ වගේම මේ වන විට යොවුන් පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ලැබිල තිබෙන සියලුම පැමිණිලි විමර්ශනය කරන්න අවශ්‍ය කටයුතු යොදල තියෙනවා වගේම ඇතැම් ඒවා සම්බන්ධයෙන් අවශ්‍ය කි‍්‍රයාමාර්ග මේ වන විටත් අරගෙන අවසන් වෙලයි තිබෙන්නේ.

ඇත්තටම යහපාලනය කියන්නේ පැමිණිලි ප‍්‍රතික්ෂේප කරන එක නෙමෙයි. පැමිණිලි සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ පවත්වල ඒ සම්බන්ධව නිවැරදි තීන්දු තීරණ ගන්න එකයි. එනිසා ඇතැම් වෙබ් අඩවි විවිධ තොරතුරු සදහන් කරල තිබුණත් යහපාලන මූලධර්මවලට එරෙහිව කිසිවක් සිදුවන්නේ නෑ.


එනිසා මේ සම්බන්ධව ලැබිල තිබෙන පරීක්ෂණ ඉතා කෙටිකාලයක් තුළ පවත්වා අවසන් කරන්නට අපි කටයුතු කරනවා. එතුළින් යහපාලනයේ ප‍්‍රායෝගික අර්ථය තවදුරටත් සාක්ෂාත් වනු ඇතැයි මම විශ්වාස කරනවා."

Share on Google Plus