මුදල් ඇමතිගෙන් ඉන්දියානුවන්ට ඉල්ලීමක්.


විදේශීය බැංකුවල තැන්පත් කර ඇති මුදල් ශී‍්‍ර ලංකාවේ බැංකුවල තැන්පත් කරන්නැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඉන්දියානුවන්ගෙන් ඉල්ලීමක් කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ ශී‍්‍ර ලංකාවේ ආර්ථික තත්ත්වය මේ වනවිට යහපත් තත්ත්වයකට පත්ව ඇති බැවින් ගනුදෙණුකරුවන්ට ඒ හරහා වරප‍්‍රසාද ලබාදීමට ලක්රජය සූදානම් බවයි.

ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කර තිබෙනවා.

විදේශීය ආයෝජකයන්ට මෙරට ව්‍යාපෘති ආරම්භ කිරීම සදහා උපරිම වශයෙන් අක්කර පන් දහසක් දක්වා ඉඩම් ලබාදිය හැකි බවද අමාත්‍යවරයා ප‍්‍රකාශ කරනවා.

විදේශීය ආයෝජන සදහා මෙවර අයවැයෙන් ඇතැම් නීතිරීති ලිහිල් කර තිබෙනවා. එම නිසා ආයෝජකයන්ට ශී‍්‍ර ලංකාවට පැමිණීමට වැඩි අවස්ථාවක් සැලසෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

විදේශ ආයෝජන සදහා මීට පෙර දැඩි බදු නීතිරීති පනවා තිබුණා. කෙසේවෙතත් මේ වනවිට ඒවා ලිහිල් කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
- See more at: http://nethfm.com/article/89810#sthash.LLusQNFs.dpuf

Share on Google Plus