මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉස්සරහා පාරට මොකද වෙන්නේ?


මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව ආසන්න මාර්ගය විවුර්ත කරන්නේ ද නැද්ද යන්න බොහෝ දෙනෙකුට ඇත්තේ කුතුහලයකි. 1998 ජනවාරි 25 වන දින ශ්‍රී දළදා මාලිගාවට එල්ලකළ බිහිසුණු මරගෙන මැරෙන LTTE ප්‍රහාරයෙන් පසුව මෙම මාර්ගය වසදමනු ලැබුණි. නමුත් 2009 මැයි මස  LTTE ත්‍රස්ත සංවිධානය මුළුමනින්ම විනාශ කර ඇති බැවින් නැවත මෙම මාර්ගය විවර වනු ඇතැයි සමහරුන් විශ්වාස කළේය

ලෝක බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩවන් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව අසල මාර්ගය සත්‍ය වශයෙන්ම වැසීමට තිබුනේ 1998 LTTE ප්‍රහාරයට පෙර සිටමය. එවකට සිටි පාලකයින් කිසිඳු වග විභාගයකින් තොරව මාලිගාවට බරපතල තර්ජන තිබෙන බව දැන දැනම ඒ අසල 60 වන නිදහස් දිනය සැමරීමට තීරණය කිරීමත් දළදා මලිගාවට නිසි ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීමත් මත බහුතර බෞධයන් සිටින රටක් වන ශ්‍රී ලංකාවත් ඇෆ්ගනිස්ථානය බාමියන් බුදු පිළිම වලට අත්කළ ඉරණමම ශ්‍රී  දළදා මාලිගාවට අත්කර දුනි.

මෙම LTTE ප්‍රහාරයේදී භාවිත කල කිලෝ 200 කට අධික ජෙලට්නයිට් පුපුරන ද්‍රව්‍ය වලින් ඇතිවූ කම්පනය 1595 දී පමණ මැටි හා ගඩොල් වලින් ගොඩනැගු ශ්‍රී දළදා මලිගාවේ බිති සහ පාදම හී ශක්තිය කොතරම් දුරට හීනකර ඇතිදැයි නොදනිමු. කෙසේ වෙතත් ඉන්ජිනෙරුවන්ගේ මතය වන්නේ පොලෝ මට්ටමේ සිට ආදී 20 පමණ ගැඹුරක සිට පාදම සකස්කර ඇතිබැවින් එම බිහිසුණු ප්‍රහාරයට ඔරොත්තු දුන්නද යකඩ කුරු වැනි ප්‍රත්‍යස්ථ අමුද්‍රව්‍ය භාවිත වී නොමැති බැවින් සහ මැටි වැනි භංගුර අමුද්‍රව්‍ය බහුලව ලෙස භාවිතා වී ඇති  ශ්‍රී දළදා මාලිගාව ගොඩනැගිලි සංකීර්ණය තවදුරටත් සුළු හෝ කම්පනයන්ට ලක් කිරීම සුදුසු නොවන බවයි.

පසුගිය සමයේ නගරයේ වාහන තදබදයට විවිධ විකල්ප මාර්ග ඉදිකරන බව ව්‍යාපෘති ඉදිරිපත් කලද ඒ සියල්ල වචන වලට පමණක් සීමාවිය. කෙසේවෙතත් නව සැලසුම් මගින් මහනුවර වාහන තදබදය අවම කෙරීම අත්‍යවශ්‍ය වන අතර ඒ සඳහා වඩාත් සුදුසු ක්‍රමවේදයක මගින් මාලිගාව හෝ ඒ අවට කැනීම් හෝ කම්පන ඇති නොවන පරිදි ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වන්නේය.  

මැතකදී ජර්මානු තාක්ෂණික ආධාර මත මාලිගාවේ මිනුම් සහ පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති කැටයම් හා බිතුසිතුවම් අති නවීන තාක්ෂණයෙන් සංරක්ෂණය කර මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම පැසසිය යුතු කටයුත්තකි.  


Share on Google Plus