එස්.බී.ත් බැසිල්ගේ අඩිපාරේ...


2015 ජනවාරි 08 බලයට පත්වූ යහපාලන ආණ්ඩුව විසින් මහත් ආන්දෝලනයකට ලක් වූ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස නිවාස සංවර්ධන අධිකාරියෙහි ගණකාධිකාරී ධම්මික ගුණවර්ධන පත්කරන ලදී. එම පත් කිරීම අද (04) අහෝසි කර එම දෙපාර්තමේන්තුව අයත් සමාජ සුභසාදන හා සවිබලගැන්වීමේ අමාත්‍ය එස්.බී. දිසානායක විසින් නැවතත් සමෘද්ධි කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරියක වන චන්ද්‍රා වික්‍රමසිංහව අද දින පත් කර තව නොබෝ වෙලාවකින් දෙපාර්තමේන්තුවේ වැඩ බාරගැනීමට නියමිතව ඇත.

බැසිලි රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා දිවිනැගුම පනත ගෙනා ආ සමයෙහි ඊට පක්ෂ පක්ෂක්ග්‍රාහීව පැවති උද්ඝෝෂණ සඳහාත් හිටපු අගවිනිසුරුවරියට එරෙහිව පැති විරෝධතා සඳහාත් සමෘද්ධි කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සේවකයන් සහ නිලධාරීන් යොමු කිරීමේදී ඇය මහත් මැදිහත්වීමක් සිදු කර ඇති බව පැවසේ.

ඇය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සමීපම හිතවතියක බවත් ඇයට එරෙහිව වංචා හා දූෂණ චෝදනා එල්ලවී ඇති බවත් සේවකයෝ පවසති.

Share on Google Plus