ජනතා විරෝධය හමුවේ රනිල් පසු බසී?


ලබන 2016 වසර වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන අයවැය ලේඛනයේ සහන කප්පාදුවට එරෙහිවත් රාජ්‍ය සේවයට බඳවා ගන්නා අයගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට එරෙහිව සහ බැංකුවල ව්‍යාපාරික ගනුදෙනු සීමා කිරීම් ඇතුළු විවිධ අයවැය යෝජනා රාශියකට එරෙහිව රට තුළින් මතු වෙමින් තිබෙන විරෝධය හමුවේ ආණ්ඩුව පසු බසිමින් සිටින බව වාර්තා වේ.

එම පසු බැසීමේ ප්‍රතිඵලයක් වශයෙන් අගමැතිවරයා විසින් අයවැය සහන පිළිබඳව නැවත සොයා බැලීමට කමිටු පහක් පත් කර ඇත. අකිල විරාජ් කාරියවසම් සහ හරීන් ප්‍රනාන්දු ඇමතිවරුන්ද, අජිත් පී පෙරේරා, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න යන පිරිස මෙම කමිටුවල මූලිකත්වය දරන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසි දෙනෙකු සාමාජිකයින් ලෙස නම් කර ඇති බව හෙළි වේ.

අයවැය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පසුගිය සති අන්තයේ පැවැති වැඩමුළුවලදී එම මන්ත්‍රීවරුන්ගේ යෝජනා ලෙස ඉදිරිපත් වූ බව පවසමින් ජනතා විරෝධයට ලක්ව ඇති ඇතැම් අයවැය යෝජනා හකුළා ගැනීමට ආණ්ඩුව දැනටමත් තීරණය කර තිබේ. මේ අතර තවත් වාර්තාවක සඳහන් වන්නේ අගැමතිවරයා විසින් පත්කර තිබෙන කමිටුවල නිර්දේශ අනුව බව කියමින් තවත් අයවැය යෝජනා ගණනාවක් සංශෝධනය කිරීමටද සූදානම් වන බවය.


Share on Google Plus