Ads Top

Ray Ad

ලංකා හොස්පිටල් ගන්න අශෝක් පතිරගේත් උනන්දු වෙයි.


මෙවර අයවැය යෝජනාවලින් ප්‍රකාශයට පත් වූ පරිදි රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලික අංශයට පැවරීමේ වැඩපිළිවෙල මෙතෙක් ක්‍රියාවට නංවා නැතත්, පෞද්ගලික අංශයේ පාර්ශව ගණනාවක් ඒ සඳහා උනන්දු වන මේ වන විට අනාවරණය වී තිබේ.

ඒ අනුව රජය සතු ලංකා හොස්පිටල් කෝපරේෂන් පීඑල්සී මිලදී ගැනීම සඳහා තමන් ද උනන්දු බව සොෆ්ට්ලොජික් සමූහයේ ආරෝග්‍යශාලා හස්තය (Hospital arm) වන ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් කියා සිටී. ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් හි සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ මහතා විසින් මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත.

මීට පෙර හේමාස් සමූහය ද ලංකා හොස්පිටල් පිළිබඳ අවධානය යොමුකරන බව පසුගිය සතියේ දී ප්‍රකාශ කර සිටියේය.

ලංකා හොස්පිටල් සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 64.14% රජය සතුව පවතී. ඒ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුව 54.61% (ජීවිත රක්ෂණ අරමුදල – 29.54% ක් හා සාමාන්‍ය රක්ෂණ අරමුදල 25.07%ක් පරිදි) ක් සහ ලංකා බැංකුවේ අනුබද්ධ සමාගමක් වන ප්‍රොපර්ටි ඩිවලොපර්ස් සමාගම සතුව 9.53% ක් වශයෙනි.

Powered by Blogger.