ඇමති මණ්ඩලේ තවත් ලොකු වේ - කරුටත් ඇමතිකමක්.


පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කරුණාරත්න පරණවිතාන මහතා හෙට (03) ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිතව ඇතැයි වාර්තා වේ. ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු වන ඒ මහතා, යහපාලන ආණ්ඩුව යටතේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරය හෙබවීය.

පරණවිතාන මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් වන අතර ඔහු 2007 වසරේදී උතුරු එංගලන්තයේ, බ්‍රැඩ්ෆර්ඩ් සරසවියේ, ලොව සුපතල සාම අධ්‍යයන අංශයේ (Peace Studies)ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කර ඇත.

ඒ මහතා කැනඩාවේ, ටොරොන්ටෝ නුවර කොන්සල් ජනරාල්වරයා ලෙස ද කලක් කටයුතු කළේය. එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙසත් ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයා ලෙසත් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රධාන විධායක නිළධාරියා ලෙසත් කරුණාරත්න පරණවිතාන මහතා සේවය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදය සඳහා කරුණාරත්න පරණවිතාන මහතා කරන ලද විශිෂ්ඨතම දායකත්වය වන්නේ 2008 වසරේදී ඒ මහතා විසින් එළිදක්වන ලද 'සිව්වෙනි ආණ්ඩුවේ දේශපාලනය' නැමැති ජනමාධ්‍යයේ දුෂ්කර දේශපාලන ගැටලු පිළිබඳව න්‍යායික විමසුමක් නැමැති කෘතියයි. එය මේ වනවිට ශ්‍රී ලංකාවේ සරසවි තුළ ජනමාධ්‍යවේදය පිළිබඳව අත්පොතක් ලෙස භාවිතා වේ. 

'සතර දිගන්තය' පරණවිතාන මහතාගේ බ්ලොග් භාවිතාවයි. 

Share on Google Plus