මාධ්‍යවේදී ක්‍රිස්ටි මහේෂ් අභාවප්‍රාප්ත වෙයි.


ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ක්‍රිස්‌ටි මහේෂ් ද සිල්වා මහතා ඊයේ (02) හදිසි හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත විය.

මියයන විට පනස්‌වැනි වියේ පසුවූ ඒ මහතා "දිවයින", "ලක්‌බිම", "රිවිර" යන පුවත්පත්වල සේවය කළ අතර මියයන විට ලේක්‌හවුස්‌ ආයතනයේ "දිනමිණ" කර්තෘ මණ්‌ඩලයේ සේවය කරමින් සිටියේය.

හික්‌කඩුව ඥති පුත්‍රයකුගේ මංගල්‍යයකට සහභාගි වෙමින් සිටියදී හෘදයාබාධයක්‌ වැළඳී ගාල්ල කරාපිටිය රෝහලට ගෙන යැමෙන් පසු ඔහු මෙලෙස මියගොස්‌ ඇත.

විශේෂාංග ලිපි, සම්මුඛ සාකච්ඡා සහ ප්‍රවෘත්ති වාර්තාකරණයේ සුවිශේෂී දක්‍ෂතා පෙන්වූ ඒ මහතා මාධ්‍යවේදීන් සමඟ ඉතා සුහදශීලී වෙමින් ක්‍ෂේත්‍රයේ කීර්තිය දිනා සිටියේය.

ගුරුවරියක වන තරංගා සිල්වා මහත්මියගේ සැමියා වූ ඒ මහතා මොරටුව, පුවක්‌අරඹහි පදිංචිව සිටියේය.

අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

Share on Google Plus