මර්ධනයේ සෙවනැළි නැගිටී - ගෝඨාගෙන් මාධ්‍යවේදිනියකට තර්ජන.


බරපතළ වංචා සහ දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම වාර්තා කරන දිනමිණ මාධ්‍යවේදිනියට හොඳ වැඩක් කරන බවට තර්ජනය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කොමිසම් පරිශ්‍රයේදී ඊයේ (03) එම මාධ්‍යවේදිනියට බැණ වැදුණේය. මෙම අවස්ථාවේ නීතිඥවරුන් සහ මාධ්‍යවේදීහුද එහි සිටියහ. මාධ්‍යවේදීන් තුට්ටු දෙකේ මාධ්‍යවේදීන් ලෙස හැඳින්වූ අලි සබ්රි මහතා තම සේවාදායකයාට අභිමානයක් තිබෙන බවත් එය මාධ්‍යවේදීන්ට නොමැති බවත් පැවසීය.

 දිගින් දිගටම විවිධ චෝදනා එල්ල කරමින් ‍තවදුරටත් ඔහු පැවසුවේ කොමිසම හමුවේ මීට වාර කිහිපයකට ඉහතදී සාක්ෂි දුන් දමයන්ති ජයරත්න මහත්මියගේ සාක්ෂිද වැරදි ලෙස පළ කළ බවයි. ඒ මහතා ජයරත්න මහත්මියගේ නීතිඥවරයා ද නොවන්නේය.

මෙම අවස්ථාවේ කොමිසම රැස්වී නොතිබුණි. ඔහු එකදිගට එල්ල කළ චෝදනා හමුවේ මාධ්‍යවේදිනිය පැවසුවේ කොමි‍සමේ කියැවෙන කරුණු වලට අමතර යමක් තමන් නොලියන බවයි. මාධ්‍යවේදිනිය මේ පිළිබඳව කොමිසමට දැනුම්දීමක් කළාය.
     

Share on Google Plus