ගෝඨාට අලි පැටවු දෙන්න මහින්දට බලයක් නැහැ - නිතිපති දෙපාර්තමේන්තුව කියයි.



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  ගෝඨාභය රාජපක්ෂ වෙත සන්නස් පත්‍රයක් මගින් ලබා දුන් අලි පැටව් දෙදෙනා නීති විරෝධී බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ඊයේ (01) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ නීතිවිරෝධී අලි සන්තකයේ තබා ගැනීම පිළිබඳ වන නඩු විභාගයේදී මේ බව අනාවරණය විය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා ප්‍රකශ කර සිටියේ විධායක ජනාධිපතිවරයකුට සිය බලතල භාවිතා කර සන්නස් මගින් අලි  ඇතුන් ලබා දිය නොහැකි බවත් එසේ ලබා දී ඇත්නම් එය නීති විරෝධී ක්‍රියාවක් බවය. සන්නස් මගින් යම් යම්දේ වීරයන්ට, යෝධයන්ට පවරා දීම සිදු කරනු ලැබූවේ මේ රට පාලනය කළ රජවරුන් විසින් බවත් ඒ ආකාරයෙන් සමහර නායකයින් සන්නස් පත්‍ර මගින් අලි ඇතුන්  පවරා දී ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නීිතිඥ නිශාන්ත පීරිස් මහතා පවසා ඇත්තේ විධායක ජනාධිපතිවරයකු සන්නසකින් අලි ලබා දීම නීතිවිරෝධී දෙයක්. මේ සතුන් සන්නස් මගින් භාර දෙන්න කොහෙන්ද හොයා ගත්තේ. සාමාන්‍යයෙන් සන්නසකින් දෙන්නේ සත්තු වත්තේන් හරි අලි අනාථාගාරයෙන් හර වෙන්න ඕන. මේ සන්නස් අසම්පූර්ණ අවිධිමත් සන්නස්. මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කරන්න කියාලා සී.අයි.ඩී. එකට භාරදීල තියෙනවා. මේ විමර්ශන එකක්වත් හරියට කරන්න බැරි වෙයි කියලා බයක් තියෙනවා. යැයි පවසා තිබේ.

ඊට අමතරව මේ වනවිට නීති විරෝධීව අලි පැටවුන් සන්තකයේ තබාගෙන සිටින කිහිප දෙනෙකුගේ නම් ඔහු අධිකරණයේදී ප්‍රකාශ කර තිබේ. අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ, කොළොන්නාවේ සුමංගල හිමි, බ්‍රාහ්මණවත්තේ රතනසාර හිමි, උඩුවේ ධම්මාලෝක හිමි, බස්නාහිර පළාත් හිටපු විපක්ෂ නායක කිත්සිරි කහටපිටිය ඇතුළු 11 දෙනෙකුගේ නම් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Share on Google Plus