චෙන්නායි ශ්‍රී ලංකා ගුවන් ගමන් නතර වෙයි.


ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ චෙන්නායි අතර ක්‍රියාත්මක වෙන සියලුම ගුවන් ගමන්වර නැවත දැනුම් දෙන තුරු අවලංගු කර තිබේ.

චෙන්නායි ගුවන්තොටුපළ ගංවතුරින් යටවීම මෙම ගුවන් ගමන්වාර අවලංගු කිරීමට බලපා තිබේ.  අද (02) දිනයේද චෙන්නායි බලා ගමන් කිරීමට නියමිත ගුවන් වාර 06ක් මේ වනවිට අවලංගු කිරීමට සිදු වී ඇති බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග පවසයි.

ගංවතුර තත්වය පහව ගොස් චෙන්නායි ගුවන් ගමන් ආරම්භ කිරීමට හැකි වූ විගස ඒ පිළිබඳව දැනුම් දෙන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කරයි.

Share on Google Plus