ආයුර්වේද සංචාරකට පැමිණි ජර්මන් කත 99 යෙන් බේරෙයි.


පසුගිය මස අප්‍රේල් මස ශ්‍රී ලංකාවේ ආයුර්වේද සංචාරකට පැමිණි ජර්මන් ජාතික කාන්තාවක් තම බර අඩුකර ගැනීමට ශ්‍රී ලංකාවේ ආයුර්වේද පහසුකම් සපයන හෝටලයක් (Ayurveda Spa) සතියක කාලයක් නැවතී ප්‍රතිකාර ලබා නැවත සිය රටට ගොස් එම බෙහෙත් වට්ටෝරුව භාවිතායට ගන්නා අතරතුර ඇය ක්ලාන්තවී මරණාසන තත්වයෙන් රෝහලට  ඇතුලත් කර ඇත.

හැම්බර්ග් ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානි වෛද්‍ය ටෝබිඅස් මේයර් මහතා පවසා ඇත්තේ මෙම ආයුර්වේද බෙහෙත් තුල සාමාන්‍යයෙන් අනුමත ප්‍රමාණය මෙන් 566,110 ගුණයක් වැඩි ප්‍රමානයක රසදිය සහ ඊයම් අඩංගු බවයි.

වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇය රසදිය 250g පමණ මේ වන විට භාවිතාකර තවමත් ජීවත් වීම පුදුමයක් බවයි. කෙසේවෙතත් මෙම තත්වය මත ඇගේ දණහිස් පණ නැති වීමෙන් අද ඇය ඇඳට පමණක් සීමා වී සිටි.

මෙම පුවත යුරෝපයේ බොහෝ මාද්‍ය මගින් ප්‍රචාරය කල අතර සියලුම මුද්‍රිත හා විද්‍යුත් මාද්‍ය මගින් මෙම සිදු වීමට පුළුල් ප්‍රචාරයක් ලබාදෙන ලදී. යුරෝපයේ ශ්‍රී ලංකාවට විරුද්ධව කොටි හිතවාදී ප්‍රචාරයන් නතරවී ඇති මෙවන් මොහොතක එහි උපරිම ප්‍රතිපලය නෙලා ගතයුතු මොහොතක මෙවන් සිදුවීම් සිදු නොවිය යුතුය.   

ශ්‍රී ලංකාවට බොහෝ යුරෝපීය සංචාරයන් පැමිණෙනුයේ ශ්‍රී ලංකාවේ ආකර්ෂණය විඳීමට මෙන්ම ආයුර්වේද සත්කාරන ලබාගැනීමේ අදහසිනි.  ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තුල මෙම ආයුර්වේද ක්ෂේත්‍රයේ විශාල රැකියා ප්‍රමාණයක් බිහි කර ඇත. මෙවන් පසුබිමක කිහිප දෙනෙකුගේ නොමනා ක්‍රියා නිසා එම ක්ෂේත්‍රයේ විශාල පරිහානියක් සිදුවේ. මේ සඳහා එම ක්ෂේත්‍රයේ සිටිනවුන් ඒකාබද්ධ වී නිසි පියවර නොගතහොත් ඉදිරියේදී සංචාරක ව්‍යාපාරය විශාල ලෙස ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බලාපොරොත්තුව සිහිනයක් පමණක් වනු ඇත.


Share on Google Plus