කොළඹ ලිංගික ශ්‍රමිකයන් 6000ක්.


කොළඹ නගරයේ පිහිටි ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානවල ලිංගික ශ්‍රමිකයන් 4500-6000 දක්වා පිරිසක් සේවය කරන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේදී අද (21දා) පැවැති පුහුණු වැඩමුළුවකදී අනාවරණය විය.

ඔවුන් අතරින් බොහෝ දෙනෙකුට එච්.අයි.වී.ඒඩ්ස් රෝගය වැලඳී ඇතැයි අනාවරණය වී තිබුණද ඒ පිළිබඳව සොයා බැලීමට රාජ්‍ය ආයතනයක් නොමැති බව මෙහිදී හෙළි විය.

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සඳහා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් වෛද්‍යවරයෙකුට බලපත්‍රයක් ලබාදුන්නද, එහි සේවය කරන පිරිස් පුහුණු කරන ආයතන නොමැති බවද මෙහිදී සඳහන් විය.


Share on Google Plus