පිල් මාරුවට සූදානම්: ශ්‍රීලනිප විපක්ෂ මන්ත්‍රීන් 6 ක්‌ ආණ්ඩුවට?


විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 06දෙනකු අයවැයට පක්‍ෂව අද (02) ඡන්දය ලබාදීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.

අයවැයට පක්‍ෂව ඡන්දය දීමට පෙර ඔවුන් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හමු වී ඒ බව දන්වා ආණ්‌ඩුවේ වැඩපිළිවෙළට සහය ලබාදෙන ආකාරය පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම මන්ත්‍රීවරුන් ආණ්‌ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව මේ වනවිටත් ප්‍රකාශ කොට ඇති බවද වාර්තා වේ.

Powered by Blogger.