16 හැවිරිදි සිසුවියක්, ශ්‍රී ලංකාවේ සිටින අයිඑස් සංවිධානයේ පුද්ගලයෙකු සමග සම්බන්ධතා.


අයිඑස් ත්‍රස්ත සංවිධානයට එක්වීමට සිටි බවට පැවසෙන ඉන්දියාවේ පූනෙයි ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සිසුවියක් ඉන්දීය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බවත්, ඇය ශ්‍රී ලංකාවේ සිටින අයිඑස් සංවිධානයේ සාමාජිකයෙකු සමග සම්බන්ධතා පවත්වා ඇති බවත් ඉන්දීය මාධ්‍යයන්හි සඳහන් කර ඇති බව දැනගැනිමට ලැබී ඇත.

අදාල සිසුවිය අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය ප්‍රබල මාධ්‍යක පලකල පුවත පහත සඳහන් කර ඇත:

“අයිඑස් ත්‍රස්ත සංවිධානයට එක්වීමට සිටි බව පැවසෙන ඉන්දියාවේ පූනෙයි ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සිසුවියක් අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කරමින් සිටින බව මහරාෂ්ට ප්‍රාන්තයේ ත්‍රස්ත මර්ධන ඒකකයේ නිලධාරීන් 2015.12.17 වන දින තහවුරු කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ත්‍රස්ත මර්ධන ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන බානුප්‍රතාප් “ප්‍රශ්ණ කිරීම් වලට භාජනය කර ඇති අදාල සිසුවිය 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. අධ්‍යාපන කටයුතු වලට දක්‍ෂ ඇයගේ කටයුතු මෑතක සිට වෙනස්වීමට පටන්ගෙන ඇත. ඇයගේ අන්තර්ජාල සම්බන්ධතා පිළිබඳව බුද්ධි අංශ නිලධාරීන්ට සැකයක් මතුවී තිබුණි. ඉන් අනතුරුව, ඇය රට අතහැර යාමට උත්සාහකල බව අප මීට පෙර තහවුරු කර ඇත්තෙමු.

අදාල සිසුවියගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අප පසුගිය සතියේ වැඩි අවධානයකින් සිටියෙමු. එහිදි, ඇයව අයිඑස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ කරගැනීමට යන බව අපට දැනගැනීමට ලැබුණි. තවද එම සිසුවිය එම සංවිධානයට සෘජුව සහයෝගය ලබාදීමට සූදානමින් සිටි බවද දැනගැනීමට ලැබුණි. 2016 වර්ෂයේදී ඇය සිරියාවට යාමට උත්සාහකරමින් සිටින බවට තහවුරු වීමෙන් පසු අප ඇයව අත්අඩංගුවට ගත්තෙමු” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

මීට මාසයකට පමණ ඉහතදී සමාජ ජාල වෙබ් අඩවි හරහා ත්‍රස්තවාදී සංවිධාන පිළිබඳව අදාල සිසුවිය සෙවීමට පටන්ගෙන ඇත. පසුව ඇයට ශ්‍රී ලංකාව ඇතුළු වෙනත් රටවල ක්‍රියාත්මක වන අයිඑස් ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයින්ගේ සම්බන්ධතාවය ලැබී ඇත.

ඇයගේ ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ගිණුම් පරීක්‍ෂා කල අවස්ථාවේදී, ඇය සමඟ ඔවුන් අඛණ්ඩව සාකච්ඡා කර, ඇයව පොළඹවාගෙන ඇති බව ත්‍රස්ත මර්ධන ඒකකය විසින් තහවුරු කර ඇත. එමෙන්ම අදාල සිසුවියගේ කටයුතු වල වෙනසක් දෙමව්පියන්ට දැකගැනීමට ලැබී ඇත.

කලිසම් ඇඳීමට ප්‍රියකල ඇය එකවරම බුර්කා ඇතුළු ඇඳුම්වලට මාරුවූ බව පරීක්‍ෂණ කටයුතු සිදුකරන පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර ඇත. අදාල සිසුවියගේ පවුලේ සාමාජිකයින් සහ මිත්‍රයින්ගේ සහයෝගය ඇතුව ඇයට මානසික උපදෙස් ලබාදෙමින් සිටියි” යනුවෙන් එම පුවතේ සඳහන්කර ඇත.

Share on Google Plus