මෛත්‍රී නත්තල් සීයාට අඳී - ශ්‍රීලනිප තුනකට ඇමතිකම්.




අටවන පාර්ලිමේන්තුවේ පළමු අයවැයට ඡන්දය ප්‍රකාශය කිරීමෙන් වැළකී සිටී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඉදිරි දින කිහිපය තුළදී අමාත්‍ය ධූරවල දිවුරුම් දීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

ශ්‍රීලනිපයේ රාජපක්ෂ පිල නියෝජනය කරනු ලැබූ මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි‍, ප්‍රේමලාල් ජයසේකර, ජනක බණ්ඩර තෙන්නකෝන්, මනූෂ නානායක්කාර,ගීතා කුමාරසිංහ, තේනුක විදානගමගේ යන පිරිස අයවැය ඡන්ද විමසන අවස්ථාවට සහභාගී නොවූ අතර ලක්ෂ්මන් සෙනෙවිරත්න මන්ත්‍රීවරයා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

මෙම පිරිසෙන් ඉදිරියේදී ඇමති ධූරයන්ගේ දිවුරුම් දීමට සූදානම් වන්නේ ගීතා කුමාරසිංහ, මනූෂ නානායක්කාර හා ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මන්ත්‍රීවරන් තිදෙනා බවත් මීට අතරව තවත් කිහිප දෙනෙකුම ඉදිරියේදී රාජපක්ෂ පිලෙන් ඉවත් වී අමාත්‍ය ධූර ලබා ගැනීමට සූදානමින් සිටින බවත් වාර්තා වේ.

මේ අතර ලක්‍ෂමන් සෙනෙවිරත්න, මනුෂ නානායක්කාර යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හා මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ ඉදිරි දින කිහිපය ඇතුලතදී ආණ්ඩුවට එක් වන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පවසයි.

ඊයේ පැවති අයවැය අවසන් ඡුන්ද විමසීමේදී ලජෂමන් සෙනෙවිරත්න මහතා පක්‍ෂ වූයේත් අනෙක් දෙදෙනා නොපැමිණියේත් එහි පුර්ව ලක්‍ෂණ ලෙස බවද ඔහු පුද්ගලික ගුවන් විදුලි නාලිකාවක් හා අදහස් පල කරමින් කියා සිටියේය.

ඊයේ අයවැය ඡන්ද විමසීමට මන්ත‍්‍රීවරුන් 13 දෙනෙකු නොපැමිණියේ ඔවුන් අනියමින් ඊට සහය පල කරන නිසා බවද ඔහු කියා සිටියේය



Share on Google Plus