'සනී ලියොන්' ලංකාවට ආදරෙයි ලු. (VIDEO)


ඉන්දියානු සම්භවයක් සහිත කැනේඩියානු කාමුක ජායාරූප නිරූපිකාවක වන "සනී ලියොන්" දෙසැම්බර් මාසයේ ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. 

ලංකාවේ ලියාපදිංචි කැසිනෝ ජාලයක් විසින් මෙරටට ගෙන්වන සනී කොළඹ ඩී ආර් විජේවර්ධන මාවතේ පිහිටි එම කැසිනෝ අවන් හලේදී දෙසැම්බර් 20 වනදා ප‍්‍රසංගයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

සනී ලියොන්ගේ පැමිණීමට විරුද්ධවත් දැන් අදහස් පළ වෙමින් තිබෙනවා.ඇය මෙරටට පැමිණෙන පළමු අවස්ථාව මෙය නොවෙයි. 

Jism 2 බොලිවුඩ් චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා මීට පෙර ලංකාව පැමිණි සනී තම 31 වන උපන්දිනයද මෙරටදීම සමරනු ලැබුවා.  

කරන්ජිත් කවුර් වෝහ් රා (Karenjit Kaur Vohra) එසේත් නැත්නම් “සනී ලියොන්” ඉන්දු-කැනේඩියානු හා ඇමරිකානු සම්භවයක් ඇති නිළියක් වනවා. 

1981 මැයි 13 කැනඩාවේ ඔන්ටාරියෝ  සීක් පන්ජාබ් ජාතික යුවලකට දාව උපත ලද ඇය  වයස අවුරුදු 16 දී බාස්කට්බෝල් ක්‍රීඩකයකුට සිය කන්‍යාභාවය පුදකල බව ප්‍රසිද්ධ කරුණක්. 

සනී ශ්‍රී ලංකාවට ආදරය කරන අතර ඒ සම්බන්ධයෙන් ඇය ප්‍රකාශ කරන වීඩියෝව පහතින් දැක්වෙනවා.මෙම වීඩියෝව Jism 2 බොලිවුඩ් චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා පැමිණීමෙන් පසු පටිගත කරන ලද්දක් වනවා.



Share on Google Plus