මෝදිගේ බ්‍රිතාන්‍යය සංචාරය වෙනුවෙන් වෙබ්අඩවියක්.


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ බ්‍රිතාන්‍ය සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා පවසා ඇත්තේ එය දෙරටටම ඓතිහාසික අවස්ථාවක් වනු ඇති බවයි.

දින තුනක මෙම ඓතිහාසික බ්‍රිතාන්‍ය සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අමතා කතාවක් පැවැත්වීමටත්, දෙවැනි එළිසබෙත් රැජින හමුවීමටත්, මහත්මා ගාන්ධි පිළිරුවට ගෞරව දැක්වීමටත් අමතරව වෙම්බ්ලි ශාලාවේදී ජනතාව ඇමතීමටත් නියමිතය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය වෙනුවෙන් වෙබ්අඩවියක් ද නිර්මාණය කර තිබේ.
www.ukwelcomesmodi.org

Share on Google Plus