UB ෆිනෑන්ස් ගෙවීම් පැහැර හැරලා
සෙලින්කෝ සමාගමට සම්බන්ධව තිබූ එෆ් ඇන්ඞ් ජී මූල්‍ය ආයතනයේ තැනැපත්කරුවන්ට හිමි ගෙවීම් එහි වර්තමාන භාරකාරිත්වය විසින් පැහැර හැරීමට විරෝධය පළ කරමින් එම තැන්පත්කරුවන් ඊයේ(26) ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබිණ.
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට සම්බන්ධ ආයතන යළි ප්ර්රතිව්යුහගත කළ වැඩසටහන් යටතේ එෆ් ඇන්ඞ් ජී සමාගමේ මෙහෙයුම් යූ. බී ෆිිනෑන්ස් සමාගම වෙත හිමි වූ බව අදාළ තැන්පත්කරුවන් මෙහිදී කියා සිටියේය.
යූ. බී ෆිිනෑන්ස් සමාගම අදාළ තැන්පතු ගෙවීම් හා ඒවාට අදාළ ප්රතිලාභ ගෙවීම් පැහැර හැරි බව තැන්පතුකරුවන්ගේ සංගමයේ කැඳවුම්කරු ජයසිංහ වීරක්කොඩි මහතා පැවසුවේය.
මෙම සමාගමේ මුදල් තැන්පත්කර ඇති සියලූම පුද්ගලයන්ට ලබන සෙනසුරාදා කොළඹ 07 බෞද්ධ කාන්තා සම්මේලනයේ පැවැත්වෙන විරෝධතා වැඩසටහනකට සම්බන්ධ වන ලෙස ද තැන්පත්කරුවන්ගේ සංගමය ඉල්ලීමක් කළේය.
මේ සඳහා එම සංගමයේ කැඳවුම්කරු ජයසිංහ වීරක්කොඩි මහතාගේ දුරකතන අංක 0729842312 සහ 0724948177 වලට අමතා සම්බන්ධීකරණ කටයුතු සිදු කර ගත හැකි බවත් පැවසිය.
මෙම සාකච්ඡාව නොවැම්බර් මස 28 වැනි සෙනසුරාදා පස්වරු 3.00 ට කොළඹ 07 බෞද්ධාලෝක මාවත, සමස්ථ ලංකා බෞද්ධ කාන්තා සම්මේලන ශ්‍රවණාගාරයේදී පැවැත් වේ.
(පහතින් දැක්වෙන්නේ අදාළ ගනුදෙනුකරුවන් සඳහා මුදල් ගෙවන ලෙස මහ බැංකුවෙන් නිකුත් කළ නිවේදනයයි.)

