T20 පළමු තරඟයේ ජය ලංකාවටයි.


බටහිර ඉන්දීය කොදෙව් පිල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුණු පළමු T20 තරඟයෙන් ලකුණු 30ක ජයක් ලබාගැනීමට  ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ලකුණු 215ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි කොදෙව් පිලට ලබාගැනීමට  හැකිවුයේ ලකුණු 185ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ සචිත්‍ර සේනානායක ලකුණු 41 පමණක් ලබාදී කඩුළු 4ක් දවා ගැනීමට සමත්විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 215ක් ලබා ගන්නා ලදී

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නියැලුණු තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 56ක් ලබාගත් අතර කුසල් ජනිත් ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වුණි.

එමෙන්ම ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 36ක් රැස්කර ගන්නා ලදී.

Share on Google Plus