සුබ උපන්දිනයක් : Sri Lanka Mirrorට 5යි.


2010 වසරේ නොවැම්බර් 01 වැනිදා විද්‍යුත් පුවත්පතක් ලෙස ආරම්භ කළ ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය පසුගියදා තම 05 වැනි උපන්දිනය සමරනු ලැබීය.

පසුගිය ආණ්ඩු සමයේදී ශ්‍රී ලංකා මිරර්, නීති විරෝධී ලෙස විදුලි සංදේශ නියාමන කොමිසමෙන් වාරණයට ලක්වීමේ සිට එහි කාර්ය මණ්ඩය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම දක්වාම විවිධ බාධාවන් ඔස්සේ ඉදිරියට පැමිණි වෙබ් අඩවියක් සේම මෙරට විද්‍යුත් පුවත් කලාවේ පෙර ගමන් කරුවන්ගෙන් කෙනෙකි.

05 වැනි උපන්දිනය සමරන ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියට Info Sri Lanka News වෙබ්අඩවියද මෙසේ සුබ පැතුම් එක් කරයි. 



Powered by Blogger.