ශිරාල්ගේ නගරාධිපති හීනයටත් මෛත්‍රීගෙන් වැට (Exclusive)


කෝට්ටේ මහා නගර සභාවේ මීළඟ නගරාධිපති ධුරයට ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරුන් දෙදෙනෙක් අතර උණුසුම් ගැටුමක් ඇතිව ඇතැයි වාර්තා වේ.

ඒ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් රජිත කොඩිතුවක්කු සහ ශිරාල් ලක්තිලක අතරයි.

කෙසේ නමුත් ශිරාල් ලක්තිලක විසින් තමන්ට නගරාධිපති ධුරය ලබා දෙන ලෙස ජනාධිපතිවරය්ගෙන් ඉල්ලීමක් කර ඇති අතර එය ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇති සඳහන්ය.

එහෙත් කෙසේ හෝ නගරාධිපති ධුරය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන ශිරාල් ලක්තිලක විසින් කෝට්ටේ ප්‍රදේශය පුර ඇවිදිමින් පිරිස් එක් රැස් කරන බවට අපට වාර්තා වන අතර ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් රජිත කොඩිතුවක්කු මහතා මේ වන විටත් කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි.

ශිරාල් ලක්තිලක කලක් එජාප කෝට්ටේ ආසන සංවිධායක ලෙස කටයුතු කල නමුත් ඔහුගේ දක්ෂතාව කෙතරම් ද යත් බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන් ද ඔහු පරාජයට පත්විය.

පසුව එජාප නායකත්වය විවේචනය කරමින් රාජපක්ෂ රජයේ ජනාධිපති උපදේශකවරයෙකුගේ පුතෙකු සමඟ එක්ව එජාපයට එරෙහි ව්‍යාපාරයක් ආරම්භ කල ශිරාල් පසුගිය ජනාධිපති මැතිවරණයේදී මෛත්‍රී පාර්ශවයට සහය දැක්වීය.


Share on Google Plus