ඇවන්ගාඩ් කතාවෙන් රන්ජන්-හරීන් ඇවිලෙයි


තමා ඇවන්ගාඩ් සමාගමේ මුදල්වලට යටවී ඇතැයි රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා පුවත්පතකට සිදු කර ඇතැයි පැවසෙන් ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් අවශ්‍යවුවහොත් අධිකරණය හමුවට යන බව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසයි.

සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු මේ බව පවසා ඇති අතර ඉන් උපුටාගත් කොටස පහතින් පල වේ.

ප්‍රශ්නය:- ඔබේ මිත්‍රයා රන්ජන් රාමනායක නම් කියන්නේ හරීනුත් ඇවන්ගාඩ් සල්ලිවලට යටවෙලාද කියලා සැකයි කියලා.

පිළිතුර:- ඕකත් පත්තරේක තිබුණු කතාවක්. මම විශ්වාස කරන්නේ නැහැ රන්ජන් ඔය වගේ කතාවක් කරලා කියලා? ඒ කොහොම වුණත් මම රන්ජන්ට මාධ්‍යවලින් ගහන්න යන්නේ නැහැ. හැබැයි රන්ජන් එහෙම කතාවක් කියලා තියෙනවානම් මම ඒ පිළිබඳව නීතිමය පියවර ගන්නවා. එතනදි මගේ මිත්‍රයා වුණත් මට කරන්න සිද්ධ වෙනවා. දන්නෙ නැති කමින් රන්ජන් ඒ වගේ කතාවක් කියලා තියෙනව නම් මම එයාට මතක් කරනවා මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න කරන්න කියලා. රන්ජන් දේශපාලනයේදී නළු පාට් දානවානම් ඒක බොළඳ ක්‍රියාවක්. විසිල් බල්ටිවලට විතරක් දේශපාලනය කිරීම හරියන්නේ නැහැ. දේශපාලනය ඊට වඩා වෙනස් එකක්. ඇත්ත කතා කතා කරනවා කියන්නේ ජනප්‍රිය පැත්තට කරනම් ගැසීම නෙවෙයි. මම හිතනවා රන්ජන් ඒ වගේ දෙයක් කියන්න නැතුව ඇති කියලා. හැබැයි එහෙම දෙයක් කියලා තියෙනවා නම් ඒක ඔප්පු කරන්න උසාවියේදී හම්බ වෙමු කියලා රන්ජන්ට මම කියනවා.


Share on Google Plus