මහින්ද වෙනම ගමනකට පාර කපා ගනී.


හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයට විපක්ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරුන් පිරිසක් සමග වෙන ම සන්ධානයකින් තරග වැදීමට අවශ්‍ය පසුබිම සකස් කර ගනිමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

එහි එක් පියවරක් ලෙස ඉදිරි අයවැයට පෙර පාර්ලිමේන්තුව තුළ රාජපක්ෂ පිල නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් වෙනම පෙරමුණක් ලෙස ප්‍රසිද්ධියේ කටයුතු කිරීම ආරම්භ කිරීමට සූදානම් වන බවද පැවසේ. පසුගියදා එම කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය නමින් තමන්ව හදුන්වාගනිමින් මාධ්‍ය සාකච්ඡා හරහා කරලියට පැමිණීම ආරම්භ කරනු ලැබුවේද මෙහි ආරම්භක පියවර ලෙසය.

හිටපු ජනාධිපතිවරිය ප්‍රමුඛ ශ්‍රීලනිපයේ ප්‍රධානින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පක්ෂය තුළ නැවත තහවුරු වීමට අවස්ථාව නොදීමත් රාජපක්ෂ හිතවාදීන් පක්ෂයේ තනතුරුවලින් හා දිස්ත්‍රීක් සංවිධායක තනතුරුවලින් ඉවත් කර මෛත්‍රී - චන්ද්‍රිකා හිතවාදීන් එම තනතුරු සඳහා පත්කරමින් තිබීමත් නිසා නැවත වරක් ශ්‍රීලනිපයේ බලය තහවුරු කර ගත නොහැකි බව තහවුරු වීමත් සමග මෙම පියවර ගැනීමට සූදානම් වේ.

Share on Google Plus