ITN තිදෙනෙකු අනිවාර්ය නිවාඩු යවයි.


පසුගිය ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රචාරණ දැන්වීම් ගාස්තු අයකිරීමකින් තොරව විකාශය කිරීම මගින් ස්වාධීන රූපවාහිනී සේවයට රුපියල් මිලියන 100කට අධික ප්‍රමාණයක ආදායමක් අහිමි කිරීම හා එම ජනාධිපතිවරණයේදීම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැන්වීම් වලින් අධික ලෙස ගාස්තු අයකිරීම හා තවත් අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනී සේවය (ITN) එහි ඉහළ නිලධාරීන් තිදෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි අද(16) සිට අනිවාර්ය නිවාඩු යවා තිබේ.

එම නිලධාරීන් තිදෙනා වන්නේ වැඩ සටහන් පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විපුල රත්නසිරි, සාමාන්‍යාධිකාරී අරුණ විජේසිංහ සහ අලෙවි කළමණාකරු උපාලි රංජිත් යන තිදෙනාය. එම තිදෙනා මෙසේ වැඩ තහනම් කළ ලියවිලි ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයාගේ අත්සනින් ඔවුන් වෙත නිකුත් කොට තිබේ.

ඉහත චෝදනා සම්බන්ධයෙන් කිසිදු පිලිගත හැකි විත්ති වාචකයක් ඉදිරිපත් කිරීමට මොවුන් තිදෙනා අසමත් වීම නිසා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි මෙම වැඩතහනම ක්‍රියාවට නංවා ඇත.

Share on Google Plus