HNDA සටන දිනයි



ජාතික උසස් ගණකාධිකරණ ඩිප්ලෝමාවට උපාධි සමානතාව ලබාදීම සඳහා අවශ්‍ය කරුණු බලාත්මක කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (03දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජාතක උසස් ගණකාධිකරණ ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවට (HNDA) උපාධි සමානතාව ලබාදීම වෙනුවෙන් අංක 46/90 චක්‍රලේඛය නැවත බලගන්වන බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව මෑත කාලයේදී ශිෂ්‍ය සටනක් ඔවුන්ගේ ඉල්ලීම් ජයග්‍රහණය කරමින් නිමා වූ අවස්ථාවක් ලෙසද මෙය ඉතිහාසයට එක්විය.ඔහු මේ බව සඳහන් කළේ, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයන් පිරිසක් සමග විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවැති සාකච්ඡාවකදීය.

උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවට උපාධි සමානතාව ලබාදෙන ලෙස හා තවත් ඉල්ලීම් 06 ක් මුල්කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු ශිෂ්‍ය සංගම් එක්ව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිට පාගමනින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැමිණීමෙන් අනතුරුව මෙම සාකච්ඡාව ඔවුන්ට ලැබුණි. 

එම සාකච්ඡාවේදී ලබන වසරේ විශ්වවිද්‍යාල සඳහා බඳවාගන්නා ප්‍රමාණය 10%කින් ඉහළ දමන බවත්, විශ්වවිද්‍යාල සිසුන්ට දැනට ලබාදෙන ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 2500 සිට 4000 දක්වා මෙවර අයවැයෙන් වැඩිකරන බවත් මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.

පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට තමාගේ කැමැත්තක් නොමැති බවත්, මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ජාතික මට්ටමින් තීරණයක් ගත යුතු බවත් අමාත්‍යවරයා පැවසීය



Share on Google Plus