පොලු - බෝල සෙල්ලමක ලොක්කෙක් සෙල්ලං අමාත්‍යංශයේ ඩෙගා නටලා. (Gossip)


මෙයා ලංකාවේ අල්ලපු රටක ජාතික ක්‍රීඩාවක් වන පොලු - බෝල සෙල්ලම් සංගමයක හිටපු ලොක්කෙක්ලු. අවුරුදු ගානක් මහා පුටුවේ හිටපු හින්දා පුටුවට ගොඩක් ආසයිලු. 

මේ ළඟදී සෙල්ලම් අමාත්‍යංශයට ගිහින් එතන ඩිරෙක්ටර සයිස් පොරකට සද්දයක් දාල ලු. ආරංචියේ හැටියට නඩුවක් හින්දා වෙච්චි හිත අවුලක්ලු. මෙයා මීට කලිනුත් මෙහෙම හැසිරිලා තියෙනවා කියලා තමයි ආරංචිය. 

පොලිස් ලොක්කෙකුත් හින්දා පොලිස් ගණනුත් තියනවලු. එත් දැන් නම් බලු ගානට වටිළලු.

ගිය ආණ්ඩුවේ ලොක්කෙක්ට පක්කලිකම් කරලා තනතුර ගහලා යන දුකින්ලු මෙයා ඉන්නේ.... ඒ හින්දා මේ දවස්වල කරන දෙයක් ගැනවත් සිහියක් නෑලු. 

ආරංචියේ හැටියට මෙයාට ළඟදීම තවත් මොනාහරි වෙයිලු.....


Share on Google Plus