අධිකරණයට අපහාස කළ ටිරාන්ගේ Gateway 27දා උසාවියට.


ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයක් නොතකමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ගේට්වේ ජාත්‍යන්තර පාසලේ කළමණාකාරීත්වයට එරෙහිව පවරන ලද නඩුව ලබන 27දා විභාග කිරීමට නියමිතයි. ඒ පිහිණුම් තටාකයක ටයිල් ඇතිරීමට පමණක් අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගය නොසලකා පිහිණුම් තටාකයේ ඉදිකිරීම් අවසන්කොට සිසුන්ගේ පරිහරණය සඳහාද ලබාදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙනි.

මෙම නඩුවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතීඥ කණ්ඩායමේ නීතිඥයකු ඇතැම්  විනිසුරන්ට අල්ලස් ලබාදෙමින් යම් යම් නඩු වෙනුවෙන් යුක්ති සහගත නොවන නඩු තීන්දු ලබාදීමට කටයුතු කරන්නෙකු බව විකල්ප වෙබ් අඩවි පසුගිය කාලයේ වාර්තා කර තිබෙනවා.

පැමිණිලි පාර්ශවය වෙනුවෙන් නීතිඥ ශාන්ත පෙරේරා මහතා පෙනී සිටිනවා. 



Share on Google Plus