ඒකාධිපති පාලනයට ඉඩක් - දයාසිරි ක්‍රීඩාවට සොරි කරයි. (Exclusive)


වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ජාතික ක්‍රීඩා සංගම් හි නිලධාරීන් ලෙස පත්වීමට තිබු සීමාවන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව ක්‍රීඩා සංගමයක සභාපතිවරයා ලෙස දෙවරකට වඩා පත්වීමට නොහැකි බවට ඇති සීමාව මෙසේ ඉවත් කිරීමට නියමිතය.

කෙසේ නමුත් තීරණය ඇතැම් ක්‍රීඩා සංගම්වල ආධිපත්‍ය හිමිකරගත් දුෂිත පරිපාලන නිළධාරීන්ට ආශිර්වාදයක් වී තිබේ.

විශේෂයෙන් ශ්‍රී ලංකා හොකී සංගමයේ වසර 10ක් තිස්සේ එකම පුද්ගලයෙක් සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර ඔහුගේ පාලන සමය තුල ශ්‍රී ලංකා හොකී බිඳවැටීමක් මිස වර්ධනයක් සිදුව නැත.

ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 32වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකා හොකී කණ්ඩායම මේ වන විට පසුවන්නේ 40වන ස්ථානයේය.

එසේම කණගාටුවට කරුණ නම් මෙසේ කටයුතු සිදුවුවහොත් ශ්‍රී ලංකා හොකී පමණක් නොව අනෙකුත් ක්‍රීඩා ද වලපල්ලට යාමයි.

කෙසේ නමුත් එළැඹෙන 24 වැනිදා සිට දෙසැම්බර් මස 04 වැනිදා දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ නාමයෝජනා කැඳවා ඇති අතර නිලවරණය එළඹෙන වසරේ ජනවාරි මස 03 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.

Share on Google Plus