වර්ජනය නොතකා දිනේෂ් සමුළුවට


ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙතින් ඉදිරිපත් වී ඇති යෝජනා පිළිබඳ විමසීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැඳවූ සර්ව පාක්ෂික නියෝජිත සමුළුවේ දෙවැනි හමුව ඊයේ (17) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මේ සඳහා තම පිල නියෝජනය කරමින් තිසිවෙකුත් ඊට සහභාගී නොවිය යුතු බවට සන්ධානයේ මහින්ද පිල නියෝජනය කරන විමල්, ගම්මන්පිල, දිනේෂ්, ඇතුළු පිරිස ඒකමතිකව තීරණය කර තිබී ඇත.

විමල් සහ ගම්මන්පිල යන දෙදෙනා මේ යෝජනාව ඉදිරිපත්කරමින් එම මතයේ දැඩව එල්බගෙන කටයුතුකර තිබේ.

අවසානයේ ඊට නොයා සිටීමට තීරණය කර සර්ව පාක්ෂික නියෝජිත සමුළුව තමන් වර්ජනය කරන බව මාධ්‍යය මගින් ප්‍රචාරය කිරීමටද විමල් සහ ගම්මන්පිල කටයුතු කර ඇත.

කෙසේ නමුත් අවසානයේ සිදුව ඇත්තේ විමල් සහ ගම්මපිලව තනිකර දමිනින් දිනේෂ් ගුණවර්ධන මහතා සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීමය.


Share on Google Plus