චතුර සේනාරත්න අධිකරණය මගහරී.


පසුගිය ඔක්තෝම්බර් මාසයේ 14 වැනි දින රාගම මහරෝහල අසල ඇති වූ ගැටුමකට සම්බන්ධයෙන් මීගමුව මහාධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න අවස්ථා දෙකකදී අධිකරණයට නොපැමිණ ඇති බව වාර්තා වේ.

ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටී නීතිඥයින් ප්‍රකාශ කර ඇත්තේ මන්ත්‍රීවරයා රෝගී වී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බැවින් නඩු විභාගයට සහභාගී වීමට නොහැකි බවය.

රාගම මහ රෝහල අසල ඇති ත්‍රීරෝද රථ ගාල සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන හා චතුර සේනාරත්නගේ ආධරකරුවන් අතර ඇති වූ ගැටුමකින් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් බැලීමට ගොස් චතුර සේනාරත්න මන්ත්‍රීවරයා රාගම පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇති බව පැවසේ.

Share on Google Plus