Colombo Port City යළි ඇරඹෙන ලකුණු.



කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ලබන වසරේ මුල් භාගයේදී යළි ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි චීන මාධ්‍ය වාර්තා පවසනවා. ඒ සම්බන්ධයෙන් චීන රජය සහ ශ‍්‍රී ලංකා රජය අතර සාකච්ඡා අඛණ්ඩව සිදුවන බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

බොහෝ දුරට ලබන වසරේ පෙබරවාරි මාසය වන විට අදාළ ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට අනුමැතිය ලැබෙනු ඇතැයි විශ්වාස කෙරෙන බවද එම මාධ්‍ය වාර්තාවල සඳහන්. ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී ආරම්භ කෙරුණු ව්‍යාපෘතිය අත්හිටුවනු ලැබුවේ පරිසර ඇගයීම් වාර්තා සලකාබැලීම සඳහායි.

ව්‍යාපෘතිය වෙනුවෙන් චීනය වැය කිරීමට අපේක්ෂා කළ මුදල අමෙරිකානු ඩොලර් බිලියන 14ක්. 

Share on Google Plus